සෑම වසරකම ඔක්තෝබර් 05 වැනි දිනට යෙදෙන ලෝක ගුරු දිනය ඊයේ (05) දිනයට යෙදී තිබුණද ඊට සමගාමීව, ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය අද (06) දින සමරනු ලබයි. 1994 වසරේදී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) විසින් ගෝලීයව මෙම දිනය සැමරීම සඳහා ඔක්තෝබර් 5 වැනිදා නම් කරන ලදී.
ගෞරවයට සුදුසුම තැනැත්තා ලෙස සමාජයේ වන්දනීයත්වයට පත්වන ගුරුවරයා වෙනුවෙන් මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වී ඇත්තේ ‘‘ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම’’ යන්නයි.