ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පතක් හඳුන්වාදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය නවීකරණය කිරීම හා ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන බවට වාර්තා වෙයි.
මෙතෙක් භාවිතා වූ රක්ෂණ කාඩ්පත් වෙනුවට දුරකථන අංකය හරහා ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ආරක්ෂිත ලෙස රක්ෂණ තොරතුරු වෙත ප‍්‍රවේශවීමට රක්ෂණ ඔප්පු හිමියන්ට හැකියාව පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම ක‍්‍රමය නිරීක්ෂණය සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ් යන්ත්‍ර 500ක් ද ප්‍රදානය කර තිබෙන බවයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ රක්ෂණ සමාගම් විසින් මෙම ටැබ් යන්ත්‍ර ප්‍රදානය කර තිබේ.