සුනාමි ව්‍යසනයට ගොදුරුව මියගිය සහ අතුරුදන් වූවන් ස්මරණය කරන ජාතික සුරක්ෂිත දිනය ගාල්ල, රත්ගම පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදී හෙට (26) පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ජනතා සහභාගිත්වයෙන් පැවැත්වේ.
35,000කට ජීවිත අහිමි කරමින් තවත් 5,000කට අධික පිරිසක් අතුරුදන් කරමින් අති බිහිසුණු සුනාමි ව්‍යසනය සිදුව හෙටට වසර 21ක් සපිරේ.
2004 වසරේ ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත ආසන්න සාගර පතුලේ හටගත් රිච්ටර් මාපක 9.3ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් හට ගත් උදම් රළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට මිනිස් ජීවිත රැසක් අහිමි කළ අතර විශාල දේපොළ හානියක් ද සිදු කළේය.
මේ ව්‍යසනයේ අඳුරු මතකයන් හා ඉන් මියගිය හා අතුරුදන් වූවන් සිහි කරමින් 2012 වසරේ “ජාතික සුරක්ෂිත දිනය වාර්ෂිකව දෙසැම්බර් 26 වැනිදා සමරනු ලබයි. ඒ අනුව පැරෑලිය පදුමගබ්භාරාම විහාරාධිපති පැරෑලියේ විමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කර තිබේ. මෙම ගුණසමරු උත්සවයේ වැඩ කටයුතු සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ආරම්භ වේ.