
ඇමරිකානුවන් බොහෝ දෙනෙකු බොහෝ බලාපොරොත්තු සහගතව බලයට ගෙන ආ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ වනවිට යම් අර්බුදයකට මුහුණ දෙමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ. ජනාධිපතිවරයාගේ ජනපි‍්‍රයත්වයත්, ඔහු කටයුතු කරන ආකාරය අනුමත කරන පිරිසත් කෙමෙන් අඩු වෙමින් ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන් අලූත්ම හෝඩුවාවක් ලැබී තිබුණේ සී.එන්.එන්. ආයතනය පසුගිය දිනෙක තවත් සමීක්‍ෂණ ආයතනයක් හා එක්ව කර තිබූ ජනමත සමීක්‍ෂණයකිනි.
ට‍්‍රම්ප් කටයුතු කරන ආකාරය අනුමත කරන ප‍්‍රතිශතය මේ තරම් පහතට වැටෙන්නට ප‍්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ එරට ආර්ථිකයට අදාළ කාරණා බව පෙනේ. රට තුළ ජීවන වියදම මේ වනවිට ඉහළ මට්ටමක පවතින අතර මේ නිසා ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටිති. ට‍්‍රම්ප් ආර්ථිකය කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් ද ජනතාවට ගැටලූ පවතින බව පැහැදිලිව දැකිය හැකි වේ.
මෙම ජනමත සමීක්‍ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ මේ වනවිට ට‍්‍රම්ප් ජනාධිපති ධුරය තුළ කටයුතු කරන ආකාරය අනුමත කරන්නේ එරට ඡුන්දදායකයන්ගෙන් සියයට 37 ක් තරම් සුළු ප‍්‍රතිශතයක් බව යි. එහි අදහස නම් සියයට 63 ක්ම ඔහුගේ වැඩපිලිවෙල පිලිබඳ ප‍්‍රසාදයකින් පසු නොවන බව ය.
ට‍්‍රම්ප් කටයුතු කරන ආකාරය අනුමත කරන ප‍්‍රතිශතය මේ තරම් පහතට වැටෙන්නට ප‍්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ එරට ආර්ථිකයට අදාළ කාරණා බව පෙනේ. රට තුළ ජීවන වියදම මේ වනවිට ඉහළ මට්ටමක පවතින අතර මේ නිසා ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටිති. ට‍්‍රම්ප් ආර්ථිකය කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් ද ජනතාවට ගැටලූ පවතින බව පැහැදිලිව දැකිය හැකි වේ.
ආහාර මිල ගණන්, නිවාස මිල ගණන්, නිවාස කුලී, ඉන්ධන මිල ගණන්, විදුලි ගාස්තු, සෞඛ්‍ය වියදම් ආදිය ඉහළ යාම ඇමරිකානුවන් මත ලොකු බරක් පටවා ඇත. වැටුප් යම් ප‍්‍රමාණයකට වැඩි වී ඇතත් වියදම් ඉහළ යන ප‍්‍රමාණය හා සැසඳීමේ දී එය ප‍්‍රමාණවත් නොවන බව ජනතාව නගන චෝදනාවකි.
ඇමරිකාවට වෙනත් රටවලින් ගෙන්වනු ලබන භාණ්ඩ වෙනුවෙන් ඉහල තීරු බදු අය කිරීමට ට‍්‍රම්ප් පියවර ගැනීම පසුගිය දිනවල විශාල ආන්දෝලනයක් ඇති කළ කාරණයක් විය. මෙම තීරු බදු ද බඩු මිල ඉහළ යාමට තවත් හේතුවක් වී තිබේ.
ඇමරිකාව අද මුහුණ දෙන ලොකුම ප‍්‍රශ්නය ජීවන වියදම ඇතුළු ආර්ථික ප‍්‍රශ්න බව ඉහත කී සමීක්‍ෂණයට සහභාගි වූ සියයට 47 කගේම අදහස වී ඇත.
ඊට අමතරව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වී තිබෙන තර්ජනය, අනවසර සංක‍්‍රමණිකයන් පිලිබඳ ප‍්‍රශ්නය, අපරාධ වැඩි වීම වැනි කාරණා ද ජනතාව තුළ නොසන්සුන්කමක්, කණස්සල්ලක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ.
සී.එන්.එන් සමීක්‍ෂණයට සහභාගි වූ අයගෙන් සියයට 26 ක් පවසා තිබුණේ ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්ව තිබෙන තත්වය ලොකුම ප‍්‍රශ්නය බව යි. සියයට 10 ක ප‍්‍රතිශතයක් ලොකුම ප‍්‍රශ්නය ලෙස දක්වා තිබුණේ අනවසර සංක‍්‍රමණිකයන් පිලිබඳ ප‍්‍රශ්නය යි.
රට තුළ අපරාධ ඉහළ යමින් තිබීම සහ ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජන එල්ල වෙමින් තිබීම ද බොහෝ දෙනා තුළ නොසන්සුන්කමක් ඇති කර තිබෙන තවත් කාරණයකි. සමීක්‍ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 7 ක් ලොකුම ප‍්‍රශ්නය ලෙස සඳහන් කර තිබුණේ එය යි.
ඇමරිකාවේ ආර්ථිකය කාලයක සිටම තිබෙන්නේ යහපත් තත්වයක නොවේ. නමුත් ට‍්‍රම්ප් බලයට පත් වීමෙන් පසු අනුගමනය කළ ප‍්‍රතිපත්ති නිසා ආර්ථිකය වඩාත් නරක අතට හැරුණු බව බහුතරයකගේ අදහස වී තිබේ. සී.එන්.එන් සමීක්‍ෂණයට එක් වූ අයගෙන් සියයට 61 ක්ම මෙම ස්ථාවරයේ සිටින බව දැකගත හැකි විය.
ඇමරිකාවට ලෝකය තුළ ඇති පිලිගැනීම ට‍්‍රම්ප් ගේ වැඩ නිසා අඩු වී ඇති බව ද බොහෝ දෙනාගේ අදහස වී තිබෙනු දැකිය හැකි වේ. සමීක්‍ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 56 ක් සිටින්නේ මෙම අදහසේ යි. ඔහු නිසා ලෝකය තුළ ඇමරිකාවට ඇති පිලිගැනීම වැඩි වී ඇති බව පිලිගන්නේ සියයට 32 ක් පමණි.
ට‍්‍රම්ප් ගේ පාලනය සම්බන්ධයෙන් මේ වනවිට ජනතාව තුළ ඇති සෘණාත්මක ආකල්පය ඔහුගේ පක්‍ෂය වන රිපබ්ලිකන් පක්‍ෂය තුළ යම් නොසන්සුන්බවක් ඇති කර ඇතුවාට සැකයක් නැත. මෙම තත්වය දිගටම පැවතුණහොත් හෝ තවදුරටත් නරක අතට හැරුණහොත් ඉහත කී මැතිවරණවල දී එම පක්‍ෂය පසුබෑමකට ලක් වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.
ලබන වසරේ අවසන් භාගයේ ඇමරිකාවේ වාර මැද මැතිවරණ (Mid Term Elections) පැවැත්වීමට නියමිතව තිබේ. ඇමරිකානු කොංග‍්‍රසයේ පහළ මන්තී‍්‍ර මණ්ඩලය වන නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට සහ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය වන සෙනෙට් මන්තී‍්‍ර මණ්ඩලයේ ආසන යම් ප‍්‍රමාණයකට නියෝජිතයන් පත් කර ගැනීම මෙහි දී සිදු වේ. ජනාධිපතිවරයකුගේ වසර හතරක ධුර කාලයෙන් වසර දෙකක් ගත වූ විට මෙම වාර මැද මැතිවරණ පවත්වනු ලැබේ.
ට‍්‍රම්ප් ගේ පාලනය සම්බන්ධයෙන් මේ වනවිට ජනතාව තුළ ඇති සෘණාත්මක ආකල්පය ඔහුගේ පක්‍ෂය වන රිපබ්ලිකන් පක්‍ෂය තුළ යම් නොසන්සුන්බවක් ඇති කර ඇතුවාට සැකයක් නැත. මෙම තත්වය දිගටම පැවතුණහොත් හෝ තවදුරටත් නරක අතට හැරුණහොත් ඉහත කී මැතිවරණවල දී එම පක්‍ෂය පසුබෑමකට ලක් වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.
රිපබ්ලිකන් පක්‍ෂ්යේ ප‍්‍රතිවාදියා වන ඩිමොක‍්‍රටික් පක්‍ෂය මේ වනවිට යම් ප‍්‍රගතියක් ලබා ගනිමින් සිටින ආකාරයක් ද දැකගත හැකි වේ. නිව්යෝක් නගරයේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ ඡුන්ද විමසීමකුත්, වර්ජිනියා සහ නිව් ජර්සි යන ප‍්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීමේ මැතිවරණ දෙකකුත් පසුගිය දිනවල පැවැත්විණි. මේ කිසිදු මැතිවරණයකින් ජය ගැනීමට ට‍්‍රම්ප් ගේ රිපබ්ලිකන් පක්‍ෂයට හැකි වූයේ නැත. එම සියලූ මැතිවරණවලින් ජයගත්තේ ඩිමොක‍්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකයන් ය.
මෙම පසුබිම තුළ ට‍්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්‍ෂයට සිය ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් නැවත සිතා බලන්නට වන තත්වයක් ඇතිව තිබෙන බව පෙනේ.
නිහාල් පීරිස්