වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇදෙමින් ඇති ගාසා යුද්ධය අවසන් වීමට යනවා ද? මෙය මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රයේ විශාල කුතුහලයක් ඇති කර තිබෙන කාරණයකි. මේ පිලිබඳ මේ වනවිට බොහෝ දෙනෙකු තුළ යම් බලාපොරොත්තු සහගත බවක් ඇති වී තිබෙන බව ද සඳහන් කළ හැකිය.
මෙම සුබදායක තත්වය ආරම්භ වූයේ මෙයට ටික දිනෙකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා යුද්ධයට අදාළව අලූත් සාම සැලැස්මක් ඉදිරිපත් කිරීමත් සමග ය. ඔහු මෙම සැලැස්ම ඉදිරිපත් කළේ පසුගිය සැප්තැම්බර් 29 වැනි දින ධවල මන්දිරයේ දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමු වූ අවස්ථාවේ ය. ට්‍රම්ප් ගේ මෙම නව සාම සැලැස්ම කරුණු 20 කින් යුතු සැලැස්මකි.
ජනාධිපති ට්‍රම්ප් මෙම සැලැස්ම නෙතන්යාහු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු එයට එකඟතාව පළ කර තිබිණි. එයින් පසු එය හමාස් සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඔවුන් ඊට කවර ප්‍රතිචාරයක් දක්වාවි ද යන්න පිලිබඳව කව්රුත් බලා සිටියේ දැඩි කුතුහලයෙනි.
ට්‍රම්ප් ගේ සාම සැලැස්මේ ප්‍රධාන යෝජනාවක් වූයේ හමාස් සංවිධානය තමුන් භාරයේ සිටින සියලූම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බව යි. හමාස් සංවිධානය මෙම ප්‍රාණ ඇපකරුවන් අල්ලාගෙන ගියේ 2023 වසරේ ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලයට ඇතුල්ව ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ය. ගාසා යුද්ධය ආරම්භ වූයේ එම ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග යි.
ගාසා හි සාමයක් පිලිබඳව සිහින මවන කා තුළත් යම් බලාපොරොත්තුවක් ඇති කරමින් හමාස් සංවිධානයෙන් මූලික වශයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබිණි.
ට්‍රම්ප් ගේ සාම සැලැස්මේ ප්‍රධාන යෝජනාවක් වූයේ හමාස් සංවිධානය තමුන් භාරයේ සිටින සියලූම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බව යි. හමාස් සංවිධානය මෙම ප්‍රාණ ඇපකරුවන් අල්ලාගෙන ගියේ 2023 වසරේ ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලයට ඇතුල්ව ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ය. ගාසා යුද්ධය ආරම්භ වූයේ එම ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග යි.
හමාස් සංවිධානය රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් 250 කට ආසන්න පිරිස අතරින් 150 ක් පමණ කලින් නිදහස් කෙරුණු අතර තවත් පිරිසක් මිය ගොසිනි. තව 20 දෙනෙකු පමණ මේ වනවිට හමාස් සංවිධානය භාරයේ සිටියි.
ට්‍රම්ප් ගේ සාම සැලැස්මට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් හමාස් සංවිධානය ප්‍රකාශ කළේ මෙම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට තමුන් සූදානම් බව යි. ජීවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාට අමතරව මිය ගිය ප්‍රාණ ඇපකරුවන් යම් සංඛ්‍යාවකගේ මළ සිරුරු ද නිදහස් කිරීමට ඔවුන් කැමැත්ත පළ කර තිබිණි. ඒ, පසුගිය ඔක්තෝබර් 3 වැනි දින යි.
මේ අතර සාම සැලැස්මේ සෙසු යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡුා කිරීමට ද හමාස් සංවිධානය එකඟතාව පළ කළේය. ඒ අනුව ඇමරිකාව, ඊජිප්තුව, කටාර්,තුර්කිය යන පාර්ශ්වවල මැදිහත් වීමෙන් ඊජිප්තුවේ දී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සාකච්ඡා කි‍්‍රයාදාමයක් ආරම්භ විය.
මෙම කි‍්‍රයාදාමයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය බදාදා (08 වැනි දා) වැදගත් එකඟතාවක් ඇති විය. ට්‍රම්ප් ගේ සාම සැලැස්මේ පළමු අදියර කි‍්‍රයාත්මක කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය නිල වශයෙන් එකඟ වූහ.
කලින් සඳහන් කළ ලෙසම මෙම අදියර යටතේ හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට නියමිත ය. ඊට හිලව්වට ඊශ්‍රායලය ද එරට රඳවාගෙන සිටින පලස්තීන ජාතික සිරකරුවන් සහ ගාසා වාසීන් පිරිසක් නිදහස් කරනු ඇත. 2,000 ක පමණ පිරිසක් මේ ආකාරයෙන් නිදහස් කරනු ඇතැයි සඳහන් වේ.
මේ සමගම සිදුවීමට නියමිත තවත් කටයුත්තක් වනුයේ ගාසා තීරයේ රැඳී සිටින ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළම යම් සීමාවක් දක්වා ආපසු කැඳවීම යි. ගාසා හි භූමියෙන් සියයට 70 ක පමණ ප්‍රමාණයක රැඳී සිටින ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශවලින් ඉවත්ව ඉහත කී සීමාව වෙත පැමිණෙනු ඇතැයි සඳහන් වේ. ඒ සමගම සටන් විරාමයක් ද කි‍්‍රයාත්මක වීමට නියමිත ය.
සාම සැලැස්මේ මෙම පළමු අදියර සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ කරවා ගැනීමට හැකි වීම ජනාධිපති ට්‍රම්ප් ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ. ගාසා හි සාමයක් ඇති කිරීම සඳහා ට්‍රම්ප් මුල පටන්ම දැඩි උනන්දුවකින් කටයුතු කළ බව රහසක් නොවේ. නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමේ සිහිනයක් ද ඔහු තුළ තිබේ. ඔහුගේ සාම සැලැස්ම සාර්ථක වී ගාසා යුද්ධය අවසන් වුවහොත් ට්‍රම්ප්ගේ එම සිහිනය ද ඉටු වීමට ඉඩ තිබේ.
මෙම සාම සැලැස්මේ වඩාත් සංකීර්ණ යෝජනා අඩංගු වන්නේ ඉදිරි අදියරවල ය. හමාස් සංවිධානය ආයුධ බිම තැබිය යුතු බව ද, ගාසා තීරයේ පාලන කටයුතුවලින් ඉවත් විය යුතු බව ද මෙම සාම සැලැස්මේ යෝජනා අතර වේ. එම සංවිධානය පාලන කටයුතුවලින් ඉවත්ව විශේෂඥයන්ගෙන් සමන්විත අන්තර්කාලීන කමිටුවකට පාලනය භාර දිය යුතු බව එහි දැක් වේ.
කෙසේ නමුත් මෙම සාම සැලැස්මේ වඩාත් සංකීර්ණ යෝජනා අඩංගු වන්නේ ඉදිරි අදියරවල ය. හමාස් සංවිධානය ආයුධ බිම තැබිය යුතු බව ද, ගාසා තීරයේ පාලන කටයුතුවලින් ඉවත් විය යුතු බව ද මෙම සාම සැලැස්මේ යෝජනා අතර වේ. එම සංවිධානය පාලන කටයුතුවලින් ඉවත්ව විශේෂඥයන්ගෙන් සමන්විත අන්තර්කාලීන කමිටුවකට පාලනය භාර දිය යුතු බව එහි දැක් වේ. මෙම කමිටුව කටයුතු කරනු ඇත්තේ ජාත්‍යන්තර මණ්ඩලයක පරීක්ෂාව යටතේ යි. එය “සාම මණ්ඩලය ” නමින් හැඳින්වෙනු ඇති අතර එහි ප්‍රධානියා වනු ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා යි.
ගාසා හි පාලන කටයුතුවලින් ඉවත් වීමට හමාස් සංවිධානය අකැමැත්තක් පෙන්වා නැත. නමුත් ඔවුන් ආයුධ බිම තැබීමට එකඟ වනු ඇත් ද යන්න දැනට සැක සහිත ය.
ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ගාසා තීරයෙන් ඉවත් විය යුතුය යන්න ද ට්‍රම්ප් ගේ සාම සැලැස්මේ තවත් යෝජනාවකි. මෙවැනි යෝජනා කි‍්‍රයාත්මක කිරිම වඩාත් අභියෝගාත්මක වනු ඇති බව දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.
මෙවැනි සැක සහිත තැන් තිබුණා වුණත් මෙම සාම සැලැස්ම ඊශ්‍රායල ජාතිකයන් තුළ මෙන්ම පලස්තීන ජාතිකයන් තුළ ද, ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද යම් අපේක්ෂා සහගත බවක් ජනිත කිරීමට සමත්ව තිබෙනු දැකිය හැකි වේ.
මෙහි පළමු අදියර කි‍්‍රයාත්මක කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වීමත් සමග වඩාත් සතුටට පත්ව සිටි පාර්ශ්වයක් වූයේ හමාස් සංවිධානය භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල අය යි. ඔවුන් ඊශ්‍රායල අගනුවරට රැස්ව පී‍්‍රති ඝෝෂා නගමින්, ගිනි කෙළි දල්වමින් සතුට සැමරූ සැටි මාධ්‍ය වාර්තා කර තිබිණි.
නිහාල් පීරිස්