ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වැඩසටහනක්

රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය හා එක්ව මෙම වැඩසටහන ආරම්භ කර ඇත.ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ වර්ෂාවෙන් පසුව ඊළඟට එන විශාලම ව්‍යසනය වන්නේ ඩෙංගු වසංගතය බවයි.

එය හැකිතාක් පාලනය කිරීමට ප්‍රයත්න දරන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසනලදි.එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ මාර්ගෝපදේශ මත මෙම වැඩසටහන දියත් කරන බවද ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ මහලේකම් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා පවසනලදි.

කාලීන පුවත්