ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය හා පාලනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ අවධානම පිළිබඳ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.
ඩෙංගු මෙන්ම චිකුන්ගුන්යා රෝග මර්දනය හා පාලනය සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී තිබේ.රත්නපුර රෝහල ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තා වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවී ඇත.සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබද දැනුවත් කිරීම ඇතුලු තීරණ රැසකට මෙහිදී එළඹ තිබේ.