ඉකුත් වසරේ (2024) අවසානයේ සිට මේ වසරේ ජූනි මාසයේ අවසානය දක්වා වූ කාලපරිච්ඡේදයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.5 කින් අවප්‍රමාණයවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ වසරේ මැයි මාසය වන විටදී මෙරට නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.3 ක් වන අතර, එය ඉකුත් අප්‍රේල් මාසයේ පැවැති මට්ටමට බොහෝ දුරට සමාන බවද මහ බැංකුව පවසයි.
රටේ නිල සංචිත ප්‍රමාණයට චීන මහජන බැංකුව සමග වූ විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත්ය.
ඉකුත් මැයි මාසයේදී සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 164 ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති අතර, මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලසීමාව තුළදී සංචාරක මුළු ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කි.