ඩොලර් මිලි­යන 200ක ඉල්ලී­මට IMF අව­ධා­නය

සුළි කුණා­ටු­වෙන් සිදුවූ විනා­ශ­යෙන් පසු ඇතිවූ අභි­යෝ­ග­ව­ලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සිදු කළ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 200ක ඉල්ලී­මට ප්‍රමු­ඛ­ත්වය ලබා­දී­මට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල තීර­ණය කර තිබේ.

හදිසි මූල්‍ය­යන පහ­සු­කම (RFI) යටතේ ශ්‍රී ලංකාව මේ ඉල්ලීම සිදු­කර තිබෙන අතර ඒ අනුව මේ සඳහා ප්‍රමු­ඛ­ත්වය ලබා­දී­මට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල (IMF) තීර­ණය කර ඇතැයි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැප­ජෙ­ර්ජියෝ මහතා ප්‍රකාශ කරයි.

මෙම හදිසි මූල්‍ය­යන පහ­සු­කම (RFI) යටතේ ඇති සහාය ශ්‍රී ලංකාවේ විස්තීර්ණ (EFF) අර­මු­දල් පහ­සු­කම යටතේ ලබා­දෙන ණය පහ­සු­ක­මට අම­ත­රව ලබා­දෙන මූල්‍ය පහ­සු­ක­මක් බව ද ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සඳ­හන් කර ඇත.

විස්තී­රණ අර­මු­දල් පහ­සු­කම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ පස්වැනි සමා­ලෝ­ච­නය සම්පූර්ණ කිරී­මට සාකච්ඡා නැවත ආරම්භ කිරී­මට 2026 වසර ආර­ම්භ­යේදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කණ්ඩා­ය­මක් ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මිත බව ද එම අර­මු­දල කියා සිටී.

සුළි කුණා­ටු­වෙන් ඇති වූ විනා­ශ­යෙන් රට යථා තත්ත්ව­යට පත්කි­රීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 200ක පමණ කඩි­නම් මූල්‍යා­ධා­රය සම්බ­න්ධ­යෙන් සමා­ලෝ­ච­න­යක් සිදු කර­මින් සිටින බව ද ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධා­නියා සඳ­හන් කරයි.

කාලීන පුවත්