තමා යටතේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් සිය ගණනක් දූෂණය ඇතුළු ලිංගික අතවරවලට ලක් කළ අසාමාන්‍ය වෛද්‍යවරයකු පිළිබඳ සිත් කම්පනයට පත් කරන ආකාරයේ කතාවක් පසුගිය දා ප්‍රංශයෙන් වාර්තා විය. ජෝල් ස්කෝර්නෙක් නැමැති මෙම වෛද්‍යවරයාගේ ගොදුරු බවට පත්ව තිබුණේ කුඩා දරුවන් වීම තවත් විශේෂත්වයකි.
මෙම වෛද්‍යවරයාට එරෙහි නඩු විභාගයක් පසුගිය දිනවල අවසන් වූ අතර මෙම නඩු විභාගය පැවැත්වුණේ දරුවන් 299 දෙනෙකු ලිංගික අතවරවලට ලක් කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙනි.
මේ වනවිට 74 වැනි වියෙහි පසුවන ස්කෝර්නෙක් මෙම අපරාධ සිදුකර තිබුණේ 1989-2014 අතර කාලයේ යි. එම කාලය තුළ ඔහු බටහිර ප්‍රංශයේ රෝහල් කිහිපයක සේවය කර තිබූ අතර දරුවන් ගොදුරු කරගෙන තිබුණේ මෙම රෝහල්වල දී යි. ඔහු බඩවැල් ආශ්‍රිත රෝග සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයකු බව සඳහන් වේ.
ස්කෝර්නෙක් ඉහත කී ආකාරයෙන් දරුවන්ට ලිංගික අතවර කර තිබුණේ ඔවුන් සිහි නැති කර සිටින අතර ය. මෙම දරුවන් ඔවුන්ගේ රෝහල් කාමරවල තනිව සිටින අවස්ථාවල ස්කෝර්නෙක් ඔවුන් වෙත එළැඹ සිය ලිංගික ආශාවන් ඉටු කරගෙන තිබිණි.
ස්කෝර්නෙක් ඉහත කී ආකාරයෙන් දරුවන්ට ලිංගික අතවර කර තිබුණේ ඔවුන් සිහි නැති කර සිටින අතර ය. මෙම දරුවන් ඔවුන්ගේ රෝහල් කාමරවල තනිව සිටින අවස්ථාවල ස්කෝර්නෙක් ඔවුන් වෙත එළැඹ සිය ලිංගික ආශාවන් ඉටු කරගෙන තිබිණි.
මෙම නඩුව පවරා තිබුණේ මේ වසරේ පෙබරවාරි මාසයේ යි. එම නඩුව පැවරෙන්නට බොහෝ කාලයකට පෙර, එනම් 2005 වසරේ ද ස්කෝර්නෙක්ට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබිණි. ඒ ළමුන් ලිංගික අපචාරවලට ලක් කරන අකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයෙන් බාගත කිරීම සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් ද එම කාලයේ නඩුවක් පැවරී තිබූ අතර එහි දී ඔහුට මාස හතරක අත්හිටුවූ සිර දඬුවමක් සහ දඩයක් නියම කර තිබිණි.
ඔහුට මෙවැනි චෝදනාවක් එල්ල වී තිබියදීත් ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අවලංගු නොකිරීම සම්බන්ධයෙන් ද, ඔහු දරුවන්ට ප්‍රතිකාර කිරීම වැලැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය බලධාරීන් වෙත චෝදනා එල්ල වී තිබේ.
ඉහත කී සිදුවීමෙන් වසර 12 කට පසු එනම් 2017 වසරේ ඔහු නැවතත් අත් අඩංගුවට පත් විය. ඒ ඔහුගේ අසල්වැසි පවුලක කුඩා දැරියක විසින් කරන ලද චෝදනාවක් නිසා යි. ස්කෝර්නෙක් තමාට ඔහුගේ ලිංගික අවයව ප්‍රදර්ශණය කළ බවත්, තමාව ස්පර්ශ කළ බවත් මේ අසල්වැසි දැරිය ඇගේ මව සමග පවසා තිබුණා ය. මව මේ පිලිබඳව පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී තවත් ලිංගික අතවර කිරීමේ සිදුවීම් තුනක් ගැන අනාවරණය විය. එහි දී ස්කෝර්නෙක් ගේ අතවරවලට ලක්ව තිබූ තිදෙනාගෙන් දෙදෙනෙකු ඔහුගේ ඥාති දැරියන් වීම විශේෂත්වයකි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් 2017 වසරේ ස්කෝර්නෙක් අත්අඩංගුවට ගන්නා ලද අතර 2020 වසරේ ඔහුට වසර 15 ක සිර දඬුවමක් නියම විය.
මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ අලුත්ම නඩු විභාගයට අදාළ අපරාධ 299 ගැන අනාවරණය වූයේ ඉහත කී සිදුවීම් හතර පිළිබඳ විමර්ශන සිදු කරද්දී ය.
එකී විමර්ශන අතරතුර පොලිසිය ස්කෝර්නෙක් ගේ නිවස පරීක්ෂා කරද්දී ඔහුගේ සටහන් පොත් කිහිපයක් පොලිසියට හමු වී තිබිණි.
ළමුන් රැසකට ලිංගික අතවර කළ ආකාරය ඉතා සවිස්තරාත්මකව මෙම සටහන් පොත්වල ලියා තිබූ බව සඳහන් වේ. එම දරුවන්ගේ නම්, ඔවුන්ගේ ලිපිනයන් ආදිය පවා ඒවායේ ලියා තිබී ඇත. පොලිසිය පසුව මෙම වින්දිතයන් හමු වීමට ගොස් තිබිණි. තමුන් මෙවැනි අපරාධයකට ගොදුරු වී ඇති බවක් ඇතැම් වින්දිතයන් දැනගෙන තිබුණේ පොලිසිය ඒ ගැන පැවසූ විට ය!
ස්කෝර්නෙක් ගේ ගොදුරු බවට පත් වූ දෙදෙනෙකු මෙයට කලෙකට පෙර සිය දිවි නසාගෙන තිබිණි.
වෛද්‍යවරයා ගේ නිවස පරීක්ෂා කරද්දී ඉහත කී සටහන් පොත්වලට අමතරව ලිංගික ආස්වාදය ලැබීම සඳහා භාවිත කරන බෝනික්කන් (Sex Dolls) ආදිය ද පොලිසියට සොයා ගන්නට හැකි වූ බව සඳහන් වේ.
ස්කෝර්නෙක් ගේ ගොදුරු බවට පත්ව තිබූ ඉහත කී දරුවන් 299 දෙනාගෙන් 256 දෙනෙකුම අවුරුදු 15 ට අඩු බාල වයස්කාර දරුවන් ය. කුඩාම දරුවා අවුරුද්දක් වයසැති දරුවෙකි.
ඉහත කී අපරාධවලට අදාලව පෙබරවාරි මාසයේ ආරම්භ වූ නඩු විභාගයේ තීන්දුව මෙයට ටික දිනකට පෙර ප්‍රකාශයට පත් කරන ලද අතර අධිකරණය ස්කෝර්නෙක්ට වසර 20 ක උපරිම සිර දඬුවමක් නියම කළේය. කෙසේ නමුත් ඔහු මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාර ගතව යි. ඒ 2020 වසරේ ඔහුට වසර 15 ක සිර දඬුවමක් නියම වීම නිසා ය.
ඉහත කී අපරාධවලට අදාලව පෙබරවාරි මාසයේ ආරම්භ වූ නඩු විභාගයේ තීන්දුව මෙයට ටික දිනකට පෙර ප්‍රකාශයට පත් කරන ලද අතර අධිකරණය ස්කෝර්නෙක්ට වසර 20 ක උපරිම සිර දඬුවමක් නියම කළේය. කෙසේ නමුත් ඔහු මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාර ගතව යි. ඒ 2020 වසරේ ඔහුට වසර 15 ක සිර දඬුවමක් නියම වීම නිසා ය.
පෙබරවාරි මාසයේ නඩු පැවරුණේ සිදුවීම් 299 කට අදාලව පමණක් වුවත් ස්කෝර්නෙක් ගේ ගොදුරු බවට පත් වූ සැබෑ වින්දිතයන් සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි බව විශ්වාස කෙරේ. සමහර සිදුවීම්වලට අදාලව නඩු පැවරීමට නොහැකි වී තිබුණේ ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති වීම හේතුවෙනි.
ස්කෝර්නෙක් කලක් විවාහ වී සිටි කෙනෙකි. ඔහු 1974 වසරේ මේරි-ෆ්‍රාන්ස් නැමැති කාන්තාවක සමග විවාහ වී තිබිණි. ඇය ද සෞඛ්‍ය සේවාවට සම්බන්ධ කාන්තාවකි. ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටින බව ද සඳහන් වේ.
2005 වසරේ මේරි ෆ්‍රාන්ස් සිය සැමියා අත් හැර ගොස් තිබුණාය. පසුව 2023 වසරේ ඔවුන් නීතියෙන් දික්කසාද වී තිබිණි.
නිහාල් පීරිස්