තම අපූරු සුනඛ සුරතලා ගැන පොතක් ලියූ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ශිරන්ති පෙරේරා

සුනඛ සුරතලුන් පිළිබඳ ලියැවී ඇති පොත්පත් බොහොමයක් තිබේ. මෑතකදී දැනගන්නට ලැබුණු එවැනි තවත් කෘතියක් වන්නේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක වන ශිරන්ති පෙරේරා විසින් රචිත “බඩී ඇන්ඩ් මී” (Buddy and Me) නම් කෘතියයි. මෙය හුදෙක් සුරතල් සතෙකු පිළිබඳ ලියැවුණු කතාවක් නොව, සත්‍ය සිදුවීම් පදනම් කරගත් ජීවන අත්දැකීම් සමුදායකි.

වෛද්‍ය ශිරන්ති පෙරේරා සිය ලේඛන කලාවේ මුල් පියවර තබා ඇත්තේ උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙන තෙක් Sun සතිඅන්ත පුවත්පතේ උප කර්තෘවරියක සහ විශේෂාංග ලේඛිකාවක ලෙස කටයුතු කරමිනි. පසුව වෛද්‍ය වෘත්තියේ කාර්යබහුලත්වය නිසා ලිවීමට අවස්ථාව මඟහැරුණද, ඇගේ සුරතල් සුනඛ මිතුරා වූ ‘බඩී’ ගේ අසාමාන්‍ය හැකියාවන් ලෝකයට හෙළි කළ යුතු බවට ඇගේ දියණිය කළ යෝජනාව මෙම කෘතිය බිහිවීමට මූලික විය.

බඩී යනු ‘ගෝල්ඩන් රිට්‍රීවර්’ (Golden Retriever) වර්ගයට අයත් සුනඛයෙකි. ඔහුට මිනිසුන් පවසන දේ වටහා ගැනීමට පුදුමාකාර හැකියාවක් තිබූ බව වෛද්‍යවරිය පවසයි. කිසිදු විශේෂ පුහුණුවකින් තොරව නිවසේ වැඩකටයුතුවලට උදවු වීමට බඩී සමත්ව ඇත. වෙළෙඳසලෙන් ගෙන එන බඩු මල්ල මුළුතැන්ගෙයට හෝ උඩුමහලට ගෙන යාම, හැංගිමුත්තන් සෙල්ලම් කිරීම වැනි ක්‍රියාකාරකම්වල ඔහු නිරත විය. විශේෂයෙන්ම වෛද්‍යවරියගේ දියණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී කිසිදු පුහුණුවකින් තොරව ‘මුදුව රැගෙන යන තැනැත්තා’ (Ring Bearer) ලෙස කටයුතු කරමින්, නිවැරදි පුද්ගලයා වෙත මුද්ද සහිත මංජුසාව ලබා දීම ඔහුගේ සුවිශේෂී බුද්ධි මට්ටමට කදිම නිදසුනකි.

බොහෝ සුනඛ කතා ප්‍රබන්ධ (Fiction) වුවද, මෙම කෘතිය වීඩියෝ සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි සත්‍ය සිදුවීම් ඇතුළත් චරිතාපදානයකි. වෛද්‍යවරිය පවසන පරිදි, බඩී සාමාන්‍යයෙන් මෙම වර්ගයේ සුනඛයෙකු ජීවත් වන කාලයට වඩා වැඩි කාලයක්, එනම් වසර 14ක් ජීවත් වී තිබේ. වෛද්‍ය වෘත්තියේ නිරත වෙමින් ලැබූ අතිශය කාර්යබහුල කාලය තුළ වුවද බඩී කෙරෙහි තිබූ අසීමිත ආදරය නිසාම වසරක පමණ කාලයක් වැය කර ඇය මෙම කෘතිය සම්පාදනය කර ඇත.

වෛද්‍යවරියක ලෙස ඇය අවධාරණය කරන්නේ නිවසක සුරතල් සතෙකු සිටීම දරුවන්ගේ මානසික වර්ධනයට අත්‍යවශ්‍ය බවයි. ගුණධර්ම වර්ධනය මේ අතරින් විශේෂ කාරණයකි. දරුවන් තුළ කරුණාව, දයාව සහ ආදරය හුවමාරු කරගන්නා ආකාරය සුරතල් සතුන් නිසා ඉබේම ඉගැන්වේ. සුරතල් සතුන් නිසා ඇති වන මානසික සහනය මෙහිදී සඳහන් කළ හැකි තවත් කාරණයකි. පාසලේ ඇති වන විවිධ පීඩාකාරී සිදුවීම් හමුවේ නිවසට එන දරුවෙකුට සුරතලෙකුගේ ප්‍රතිචාරය මහත් සහනයකි. ‘ඕටිසම්’ (Autism) වැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ අන්ධ පුද්ගලයින්ට සහාය වීමට (Guide Dogs) මෙම සුනඛයින් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි.

වර්තමානයේ දරුවන් ජංගම දුරකථන හා තිර (Screens) දෙස බලා සිටීම නිසා ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතා (දුර පෙනීම අඩු වීම) මඟහරවා ගැනීමට එළිමහනේ සුරතලුන් සමඟ සෙල්ලම් කිරීම මහත් රුකුලකි. අක්ෂි සෞඛ්‍යය සඳහා විනාඩි 20කට වරක් තත්පර 20-30ක් ඈත බැලීම වැදගත් වන අතර සුරතලුන් සමඟ ගත කරන කාලය තුළ මෙය ඉබේම සිදු වේ.

සුරතල් සතෙකු ඇති කිරීම යනු වසර 10-14ක කාලයක විශාල වගකීමකි. සතුන් කූඩු කර තැබීම ඔවුන්ගේ මානසික මට්ටම කඩා වැටීමට හා ප්‍රචණ්ඩ වීමට හේතු වන බැවින් ඔවුන්ව පවුලේ සාමාජිකයෙකු ලෙස සැලකිය යුතු බව ඇය පවසයි. සතුන්ගේ සෞඛ්‍යය ගැන මෙන්ම මානසික උත්තේජනය ගැනද සැලකිලිමත් විය යුතුය. බඩී මරණාසන්න වූ අවස්ථාවක පවා පශු වෛද්‍යවරයාට හඳුනාගත නොහැකි වූ රෝගී තත්ත්වයක් වෛද්‍ය ශිරන්ති විසින් හඳුනාගෙන ඇත්තේ ඔහු පිළිබඳ තිබූ සමීප අවධානය නිසාය.

දැනට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතිය සරල භාෂා විලාසයකින් යුක්ත නිසා කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ කියවිය හැකිය. සතුන් දෙස අනුකම්පාවෙන් නොව සහෝදරත්වයෙන් බැලීමට මඟ පෙන්වන “බඩී ඇන්ඩ් මී” කෘතිය සැබවින්ම කාලීන අවශ්‍යතාවයකි. ඉදිරියේදී තවත් මෙවැනි නිර්මාණ කිරීමට වෛද්‍යවරිය බලාපොරොත්තු වේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය