
මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක් ද විය. එනම් ඇගේ විවාහක දරුවන් තුන් හතර දෙනා ද ඇය හා අඬදබර වී පිට ප්‍රදේශවල ජීවත්වීම නිසා ය.
ජීවත් වීමට නිශ්චිත ආදායම් මාර්ගයක් නොතිබූ ඇයට පසු කලෙක ගමේ ප්‍රභූන් කිහිප දෙනෙකු මැදිහත් වී රජය මඟින් මහජන ආධාර ලෙස ලබාදෙන මාසික දීමනාවක් ද ලබාදෙන ලදි. මගේ මතකය නිවැරදි නම් ඒ මහජන ආධාර මාසික දීමනාව රුපියල් දහයක් නැත්නම් විස්සකි.
වයස අවුරුදු හැත්තෑව ඉක්ම වූ පසුවත් නිරෝගී බවක් පළ කළ කාර්යක්ෂම කාන්තාවක වූ ඇගේ නිවස තිබූ ඉඩම අක්කර බාගයක් පමණ විය. පොල්, කොස්, දෙල්, අඹ, ලාවුළු, පේර, ජම්බු ආදී ගස් කිහිපයකින් යුතු ඒ ඉඩමේ වැවෙන සෑම භවබෝගයකින්ම මුදල් උපයාගැනීමේ ශූර හැකියාවක් ඇය සතුව තිබිණි. එහෙත්, තම ඉඩමේ හැදෙන වැඩෙන කිසිවක් ගමේ හෝ අහල පහල අයෙකුට, කොල්ලෙකුට, කුරුට්ටෙකුට තබා කුරුල්ලෙකුට, ලේනෙකුටවත් නොදී ඒ සියල්ලේම ආදායම් තනිවම භුක්ති විඳීමට තරම් මසුරු සිතක් ඇය තුළ විය.
තනිව උයා පිහාගෙන කමින්, ගේ දොර වතුපිටි අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කරගනිමින් සෑහෙන කාලයක් ගත කළ ඒ කාන්තාව, සති කිහිපයක් රෝගාතුරව සිට එක් රාත්‍රියක නිදියහනේම මියගොස් සිටියා ය. ඇගේ මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය නොවූවද එය වයස්ගතව සිදුවූ බහු ඉන්ද්‍රීය අකර්මණ්‍යතාවක් බව කාටත් වටහාගත හැකි විය.
අපට දුරින් ඥාතීත්වයක් ද තිබූ බැවින් ඇගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ මම ද එහි ගියෙමි. ඒ අවස්ථාවේ එහි තවත් ගැමියන් දෙතුන් සියයක් රැස්ව සිටි බවක් මා හට මතක ය. එය වැසි අඳුරින් පිරීගත් සැන්දෑ යාමයක් විය. ඇගේ මතක වස්ත්‍ර පූජාවට භික්ෂූන් වහන්සේලා වැඩම කළ පසු ඇගේ දේහය නිවෙස තුළින් තහඩු මඩුව වෙතට ගන්නා ලදි. ඇගේ දූ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් එම මෘතදේහය අද්දර බිම වාඩිවී පැන් වැඩීම ආරම්භ කරත්ම, ඒ මඩුව යට සුදු පිරුවට ඇතිරූ අසුන්වල වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ද ‘යථා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං’ යන ගාථාවෙන් පැන් වැඩීමෙන් මියගිය කාන්තාවට පින්දීම ආරම්භ කළා පමණි; එම තහඩු මඩුවේ වහළයට ගල් වරුසාවක් ඇද හැලෙන්නාක් බඳු මහා හඬක් නැගෙන්නට විය. ඒ හඬ කෙතරම් බලවත්ද යත් එම කාරිය කරගෙන යා නොහැකි වූ භික්ෂූන් වහන්සේලා එය මඳකට නතරකොට තරමක් වික්ෂිප්තව වටපිට බලන්නට වූහ. එමෙන්ම එම අවමඟුලට පැමිණි සියල්ලන්ගේම නෙත් විමතියෙන් පුළුල්ව තිබෙනු මනාව දැකගත හැකි විය. එහෙත්, ඒ පිළිබඳව විමසුම් කළ අපට වටහා ගත හැකි වූයේ එය එම තහඩු මඩුවට ඉහළින් ඇති ඇඹරැල්ලා ගසින් ගෙඩි සැලකිය යුතු ප්‍රමාණයක් එකවර තහඩු මඩුව මතට ඇදවැටීම නිසා නැංවුණු හඬක් බව ය.
මෙම කාන්තාව මියගිය පසුව ඇගේ දූ පුතුන් ගම්මානයේ ගැමියන්ගේ ද සහයෝගයෙන් අවමඟුලේ කටයුතු සංවිධානය කරන ලදි. අවමඟුලට පැමිණෙන්නවුන් සඳහා ඇගේ නිවස ඉඩ මදි වූ නිසා ඒ ඉදිරියේ තාවකාලික තහඩු ආවරණයක් ඉදිකොට ඒවායේ අසුන් ද පැනවිණි.
අපට දුරින් ඥාතීත්වයක් ද තිබූ බැවින් ඇගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ මම ද එහි ගියෙමි. ඒ අවස්ථාවේ එහි තවත් ගැමියන් දෙතුන් සියයක් රැස්ව සිටි බවක් මා හට මතක ය. එය වැසි අඳුරින් පිරීගත් සැන්දෑ යාමයක් විය. ඇගේ මතක වස්ත්‍ර පූජාවට භික්ෂූන් වහන්සේලා වැඩම කළ පසු ඇගේ දේහය නිවෙස තුළින් තහඩු මඩුව වෙතට ගන්නා ලදි. ඇගේ දූ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් එම මෘතදේහය අද්දර බිම වාඩිවී පැන් වැඩීම ආරම්භ කරත්ම, ඒ මඩුව යට සුදු පිරුවට ඇතිරූ අසුන්වල වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ද ‘යථා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං’ යන ගාථාවෙන් පැන් වැඩීමෙන් මියගිය කාන්තාවට පින්දීම ආරම්භ කළා පමණි; එම තහඩු මඩුවේ වහළයට ගල් වරුසාවක් ඇද හැලෙන්නාක් බඳු මහා හඬක් නැගෙන්නට විය. ඒ හඬ කෙතරම් බලවත්ද යත් එම කාරිය කරගෙන යා නොහැකි වූ භික්ෂූන් වහන්සේලා එය මඳකට නතරකොට තරමක් වික්ෂිප්තව වටපිට බලන්නට වූහ. එමෙන්ම එම අවමඟුලට පැමිණි සියල්ලන්ගේම නෙත් විමතියෙන් පුළුල්ව තිබෙනු මනාව දැකගත හැකි විය. එහෙත්, ඒ පිළිබඳව විමසුම් කළ අපට වටහා ගත හැකි වූයේ එය එම තහඩු මඩුවට ඉහළින් ඇති ඇඹරැල්ලා ගසින් ගෙඩි සැලකිය යුතු ප්‍රමාණයක් එකවර තහඩු මඩුව මතට ඇදවැටීම නිසා නැංවුණු හඬක් බව ය.
එහෙත්, මියගිය කාන්තාවට පැන් වඩන අවස්ථාවේම වූ එම සිදුවීම තුළ යම් අසාමාන්‍ය බවක් පැවැති බව අවමඟුලට එක්වූ සැමට ඒත්තු යන්නට ඇත. නමුත් ඒ මොහොතේ කිසිවකුත් ඒ පිළිබඳව කතා නොකළහ. ඇගේ මළ කඳ භූමදාන කිරීමෙන් පසු ගෙවී ගිය ඒ පාළු නිහඬ රාත්‍රිය ඉක්ම ගොස් පසුදා උදේ හිරු පායනවිට ගම්මානය පුරා සුළි කුණාටුවක් මෙන් පැතිර ගිය කතාව වූයේ, මියගිය කාන්තාව මළ ප්‍රේතියක්ව එම දේපළට අරක්ගෙන ඇති බවකි. ඇගේ මතක වස්ත්‍ර පූජාවට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට බාධා වන ලෙසින් තමන්ට රැකවරණ සැලැස්වූ ඇඹරැල්ලා ගසේ ගෙඩි කඩා හෙළා දමන ලද්දේ මළ ප්‍රේතියක වූ ඇයට පින් අවශ්‍ය නොවූ නිසාය යන රාවය ද ගම පුරා පැතිරෙන්නට විය. ඒ කෙසේ හෝ තම නපුරු මව මරණයෙන් පසු මළ ප්‍රේතියක වශයෙන් ඉපිද තවත් නපුරු වී ඇතැයි සැක කළ ඇගේ දරුවෝ ද එම දේපළ පරිහරණයට බිය වූහ. එමෙන්ම ඉන්පසු ඇගේ ඉඩමේ වැවෙන භවබෝග වුව ආහාරයට ගැනීමට අප ගමේ වැඩි දෙනෙකු බියපත් වූයේ, එමඟින් ඇගේ මළ ප්‍රේත බැල්ම තමන් වෙත ද එල්ල විය හැකිය යන විශ්වාසයෙනි.
මගේ මතකය නිවැරදි නම් ඒ ‘තැපැල් නයින්ටි’ යනුවෙන් ප්‍රසිද්ධ ජපානයෙන් ගෙන්වූ පාවිච්චි කළ, සීසී 90 ධාරිතාවේ මෝටර් සයිකල් අප රටේ ජනප්‍රිය වූ මුල්ම කාලයයි. එම මෝටර් සයිකලයක් රැගෙන විවිධ ව්‍යාපාර කටයුතුවලට යොමුවී සිටි යාබද ගමක අයෙකු නුගේගොඩ දෙල්කඳ පොළ සඳහා භවබෝග සපයන්නට පටන්ගෙන තිබූ අතර, එම කාන්තාවගේ දූ දරුවන්ගේ අවසර ඇතිව හෝ නැතුව එම ඉඩමේ ගස්වල වැවී තිබූ ඇඹරැල්ලා, කොස්, දෙල් ඇතුළු සෑම බෝගයක්ම ඔහු විසින් කඩාගන්නා ලදි. එවන් එක් අවස්ථාවක මළ ප්‍රේත දෝෂය ඇති එම ඉඩමින් භවබෝග නෙළාගෙන දෙල්කඳ පොළට රැගෙන යාම පිළිබඳව මම ඔහුගෙන් විමසා සිටියෙමි. එවිට ඔහු ගත්කටටම කී වදන් කිහිපය මට තාමත් හොඳින් මතකය. එනම්,
“ඕවා කාලා මේ ගම්වල ගෑනුන්ට මිනිස්සුන්ට යක්ෂ දෝෂ ප්‍රේත දෝෂ හැදුණට ඔය නුගේගොඩ, මහරගම පැත්තේ නෝනලාට මහත්වරුන්ට එහෙම වෙන්නේ නෑ” යනුවෙනි.
එම ගුප්ත සිදුවීම සම්බන්ධයෙන් මට පසුව කරුණු වැටහී ගිය අන්දමට, මරණයට ආසන්න කාලයේ හටගත් රෝගාබාධ නිසා තම ගෙවත්තේ භවබෝග නෙළාගැනීමට අවකාශයක් නොලද ඒ කාන්තාවට, තම නිවස අද්දර ඇඹරැල්ලා ගසේ පලදාව නෙළාගැනීමට නොහැකි වී තිබේ. ඒ අනුව එහි ගෙඩි යම් ප්‍රමාණයක් ගසේම ඉදෙමින් තිබෙන්නට ඇත. ඒ අතරේ එම කාන්තාවගේ අවමංගල්‍ය උත්සවය සඳහා තහඩු මඩුව තනන ලද්දේ ද එම ඇඹරැල්ලා ගස යටමය. එනිසා ඉදී වැටෙන ඇඹරැල්ලා ගෙඩි හඬ නංවමින් ඒ තහඩු මඩුව මතට පතිත වන ලද්දේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව මිස කිසිදු අද්භූත හේතුවක් නිසා නොවේ.
එම ගුප්ත සිදුවීම සම්බන්ධයෙන් මට පසුව කරුණු වැටහී ගිය අන්දමට, මරණයට ආසන්න කාලයේ හටගත් රෝගාබාධ නිසා තම ගෙවත්තේ භවබෝග නෙළාගැනීමට අවකාශයක් නොලද ඒ කාන්තාවට, තම නිවස අද්දර ඇඹරැල්ලා ගසේ පලදාව නෙළාගැනීමට නොහැකි වී තිබේ. ඒ අනුව එහි ගෙඩි යම් ප්‍රමාණයක් ගසේම ඉදෙමින් තිබෙන්නට ඇත. ඒ අතරේ එම කාන්තාවගේ අවමංගල්‍ය උත්සවය සඳහා තහඩු මඩුව තනන ලද්දේ ද එම ඇඹරැල්ලා ගස යටමය. එනිසා ඉදී වැටෙන ඇඹරැල්ලා ගෙඩි හඬ නංවමින් ඒ තහඩු මඩුව මතට පතිත වන ලද්දේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව මිස කිසිදු අද්භූත හේතුවක් නිසා නොවේ. නමුදු එම ගසින් එක්වරම වැඩිපුර ගෙඩි ප්‍රමාණයක් ඇද හැලීමට ඒ මොහොතේ එම ප්‍රදේශය හරහා හමාගිය තරමක තද වැසි සුළඟක් ද බලපාන්නට ඇති අතර, එම කාන්තාව සඳහා වන මතක වස්ත්‍ර පූජාවට එක්ව සිටි මා ඇතුළු අන් සියලු දෙනාට ඒ පිළිබඳ සැබෑ වැටහීමක් නොතිබෙන්නට ඇත.එමෙන්ම මෙම තහඩු මඩුව වෙනුවට කැන්වස් හෝ ඉටි රෙදි ආවරණයක් යට මෙම මතක වස්ත්‍ර පූජාව සිදු කළේ නම් මෙවන් එම සංවේදී අවස්ථාවේ එවන් අනවශ්‍ය හඬ නැඟීමක් මඟින් එහි සිටින්නවුන් ගේ මනැස් කැළඹීමට ඉඩක් ද නැත.එකකට එකක් කිසිදු සම්බන්ධයක් නොමැති එහෙත් එලෙස සම්බන්ධයක් ඇති බවක් එක් වරම පෙනී යාම මත අප දැඩි කුතුහලයට;විස්මයට පත් කරවන මෙවන් සිදුවීම් ද ඉඳ හිට සිදුවිය හැක. එම අහඹු සිදුවීම් විද්‍යාත්මකව හඳුන්වනුයේ සන්නිපතනය (Coincidence) යනුවෙනි.
එමෙන්ම එම කාන්තාවගේ මසුරු දිවි පෙවෙත, ඇගේ මරණය ආදී පසුබිම් විස්තර අනුව එම ටකරන් තහඩුව මතට ඇඹරැල්ලා ගෙඩි ඇදවැටීම මුල්කොට අප ගම්මානයේ ගැමි ප්‍රජාව වෙතින් ඇයට මළ ප්‍රේත ආරෝපණයක් හිමි විය. මා එසේ පවසනුයේ යම් හෙයකින් එම තහඩු මඩුව මංගල්‍ය උත්සවයක් සඳහා තනවන ලද්දේ නම්, කිසිසේත්ම එවැනි මළ ප්‍රේත කතාවක් පැතිර නොයන බැවිනි.
තිලක් සේනාසිංහ