පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (23) පැවැත්වීමට නියමිතයි.
ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.
එම තරගය ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවීමට නියමිතයි.තරගය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි හිදියි.
තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (22) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.