දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ලංකාවට

ඉන්දියාවේදී නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමඟින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වෙයි.

රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වී තිබේ.ඒ අනුව ඔවුන් රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 18ක්ද දිනාගෙන තිබෙන බවයි වාර්තා වෙයි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගී වී තිබේ.

කාලීන පුවත්