දන්සැල් ගැන දැනුම් දීමක්

බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ දිනවල බොවෙන රෝග සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් අන් අයගේ යහපතා තකා හැකි තරම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසයි.

දිවයින පුරා පැවැත්වෙන සියලු දන්සැල් වෙසක් සතිය පුරාවට අඛණ්ඩව පරීක්ෂා කිරීම් වලට ලක් කරන බවද ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්