
මේ දිනවල ඇවිලෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ඉකුත් 09 වන දා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකතුමා, අගමැති හා අධ්‍යාපන ඇමතිනියගේ අවධානය යොමු කරවමින් ප්‍රකාශ කළේ, බුද්ධ ධර්මය හා සාරධර්ම පිළිබඳව මුද්‍රණය කර ඇති මොඩියුලයක ධර්ම චක්‍රය ලෙස නිරූපණය කර දක්වා ඇත්තේ අශෝක චක්‍රය බවයි. මේ පිළිබඳව රෝහිණී විජේරත්න මන්ත්‍රීතුමියත් පෙන්වා දී ඇති බව සඳහන් කරමින්, මෙය සංශෝධනය කර සකස් කරන ලෙස ඉල්ලීමක් කරන ලදී. මෙහිදී නැඟී සිටි අගමැතිතුමිය ඊට පිළිතුරු සපයමින් අදාළ පෙළපොතේ නිරූපණය කර ඇති ධර්ම චක්‍රය බුද්ධශාසන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ධර්ම චක්‍රය බවත්, එම අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවෙන් ද එය අනුමත වූ බවත්, එමෙන්ම ගත වූ දිනවල තමන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමු වූ අවස්ථාවේදී ද මේ ධර්ම චක්‍රය නිවැරදි බව උන්වහන්සේලා ද අනුමත කළ බවත් පැවසුවා ය.
පාර්ලිමේන්තුවේදී ඇමතිවරයෙකුගේ අවධානයට යොමු කළ කරුණක් ගැන අමාත්‍යවරයා පිළිතුරු දුන් පසු, ඒ පිළිතුරේ අඩංගු කරුණු නිවැරදි නොවේ නම් එම කරුණ අවධානයට යොමු කළ මන්ත්‍රීවරයාට අදහස් පළ කිරීමට සාධාරණව ඉඩ තිබිය යුතු යැයි පවසමින් විපක්ෂ නායකවරයා ඒ ගැන කතා කිරීමට උත්සාහ ගත්තත්, සුපුරුදු ලෙස කථානායකවරයාගෙන් ඊට ඉඩක් නොලැබිණි.

පාර්ලිමේන්තු සභා ගර්භයේ දී මන්ත්‍රීවරයෙකු අමාත්‍යවරයෙකු වෙත කිසියම් කරුණක් ගැන අවධානය යොමු කිරීමෙන් පසු අමාත්‍යවරයා ඊට දෙන පිළිතුරෙන් ඒ ප්‍රශ්නය අවසන් කිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයාට හැකි වුණත්, රටේ පරමාධිපත්‍ය බලය දරන මහජනතාවට අමාත්‍යවරයෙකු විරුද්ධ පක්ෂයට පාර්ලිමේන්තුවේදී දමා ගසන පිළිතුරකින් පමණක් සෑහීමට පත්විය නොහැකි ය. මේ පිළිතුර නිසා අපි රටේ නීතිගරුක මහජනතාව ලෙස බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත්තෙමු. ඒ මෙසේ ය:
ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඊ) අනුව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරව ඇත්තේ ජනාධිපතිවරයාට ය. එහිම සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන්, අගවිනිසුරු සහ සෙසු විනිසුරන් පත් කිරීමේ රාජ්‍ය අධිකාරී පත්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා ජනාධිපතිවරයා විසින් අත්සන් කළ යුතු බව ය. රජය වෙනුවෙන් පැවරුම් කරන ප්‍රදාන පත්‍රවල හා වෙනත් නිල ලේඛනවල රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද ජනාධිපතිවරයා විසින් කළ යුතු බව ය. මෙය ජනාධිපතිවරයාගේ කාර්යයක් බවට පත් කළේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ 1972.05.22 දින සිට ය. ඒ අනුව 1972 ජනරජ ව්‍යවස්ථාවේ 21(ඌ) ව්‍යවස්ථාවේ ද ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමත්, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු ලේඛනවල තබා අත්සන් කිරීමත් ජනාධිපතිවරයාට පවරා ඇති කර්තව්‍යයක් බව සඳහන් ය.
ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඊ) අනුව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරව ඇත්තේ ජනාධිපතිවරයාට ය. එහිම සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන්, අගවිනිසුරු සහ සෙසු විනිසුරන් පත් කිරීමේ රාජ්‍ය අධිකාරී පත්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා ජනාධිපතිවරයා විසින් අත්සන් කළ යුතු බව ය. රජය වෙනුවෙන් පැවරුම් කරන ප්‍රදාන පත්‍රවල හා වෙනත් නිල ලේඛනවල රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද ජනාධිපතිවරයා විසින් කළ යුතු බව ය. මෙය ජනාධිපතිවරයාගේ කාර්යයක් බවට පත් කළේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ 1972.05.22 දින සිට ය. ඒ අනුව 1972 ජනරජ ව්‍යවස්ථාවේ 21(ඌ) ව්‍යවස්ථාවේ ද ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමත්, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු ලේඛනවල තබා අත්සන් කිරීමත් ජනාධිපතිවරයාට පවරා ඇති කර්තව්‍යයක් බව සඳහන් ය.

මේ අනුව රාජ්‍ය මුද්‍රාවේ භාරකාරිත්වය රාජ්‍ය නායකයා සතු වගකීමක් බවට පත් කිරීමෙන් පෙනී යන්නේ රාජ්‍ය මුද්‍රාවන් රාජ්‍යයටම ඇත්තේ එකක් පමණක් බවත්, එය රාජ්‍යයේ පවතින වටිනාම රාජ්‍ය සංකේතය බවත් ය. මේ රාජ්‍ය මුද්‍රාව සකසනු ලැබුවේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ 1972 දීය. ශ්‍රී ලංකා ජනරජයට අනන්‍ය මුද්‍රාවක් සැකසීම සඳහා එදා පත් කළ කමිටුවේ සභාපති වූයේ සිවිල් සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ එවක සංස්කෘතික අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් නිශ්ශංක විජේරත්න ය. පසුව 1975 දී ඔහු දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස ද පත්වූ අතර, 1977 දී දැදිගම මහජන මන්ත්‍රීවරයා ලෙස පත්ව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ද පත්විය. ඔහු අනුරාධපුර මහ දිසාපතිවරයා ලෙස අනුරාධපුර පූජා නගර සංවර්ධනය පිළිබඳව අනුස්මරණීය සේවාවක් ඉටු කළ, බෞද්ධ දර්ශනය පිළිබඳව මනා දැනීමක් සහිතව සිටි අයෙක් ද විය.
නිශ්ශංක විජේරත්නයන් ප්‍රමුඛ කමිටුවේ සාකච්ඡා කර සැලසුම් කළ රාජ්‍ය මුද්‍රාව ඇඳීම භාර වුණේ මාපලගම විපුලසාර හිමි ප්‍රමුඛ චිත්‍ර ශිල්පීන්ට ය. එම රාජ්‍ය මුද්‍රාවේ ඉහළින්ම ධර්ම චක්‍රයක් ඇතුළත් කර ඇත. එම ධර්ම චක්‍රය වටා ඇති වටරවුමෙන් එළියට ද විහිදුණු ගරාදි අටකින් සමන්විත ය. එකී ගරාදි අටෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකේතවත් වන බව පැවසෙන අතර, එයින් සංකේතවත් කරන්නේ අෂ්ට ලෝක ධර්ම චක්‍රය බව ද ඇතැමෙක් පවසති. මධ්‍යයේ ධර්ම චක්‍රයට පහළින් පලාපෙති රාමුවක් තුළ අසිපතක් අතින් ගත් සිංහ රූපයක් දැක්වේ. මේ අන්දමේ ධර්ම චක්‍රයක් රාජ්‍ය මුද්‍රාව මුදුනට එක්වුණේ බුදුදහම ආරක්ෂා කර පෝෂණය කිරීම රජය වෙත පැවරුණු වගකීමක් බවට ව්‍යවස්ථාවෙන් පත් කළ රාජ්‍යයක ය. ශ්‍රී ලංකා රාජ්‍ය මුද්‍රාවේ ඉහළින්ම බෞද්ධ ධර්මය අඟවන ධර්ම චක්‍රය සටහන්ව තිබීමෙන් බුදුදහමට ඉහළම ස්ථානය පවතී යන්න නිරූපණය කරන බව ද කිව හැකිය. මෙය “ධම්මෝ රාජා රජ්ජේති” යනුවෙන් දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වෙන අදහස වන “ධර්මය රජුන්ගේත් රජුය” යනුවෙන් බුදුන් දෙසූ අදහසත් සෘජුවම නිරූපණය කරයි. මධ්‍යයේ ඇති සිංහයාගෙන් නිරූපණය වන්නේ බලය නම්, එය ධර්මයට පහළින් පවතින බවක් ද එයින් ඇඟවෙයි.
1978 ව්‍යවස්ථාවෙන් ද මේ රාජ්‍ය ලාංඡනය වෙනස් කිරීමක් නොවුණි. නමුත් අවුරුදු පණස් තුනක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය මුද්‍රාවේ ඉහළින්ම ඇති ධර්ම චක්‍රය අනුමත එකක් නොවන බව ඇඟවෙන අන්දමේ බරපතළ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉකුත් 09 වන දින කළ බව ඇය විපක්ෂ නායකවරයාට දුන් පිළිතුරෙන් පැහැදිලි ය. එපමණක් ද නොවේ; බුද්ධශාසන අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුද්‍රාවේ ඇති ධර්ම චක්‍රය නොතකමින් වෙනත් චක්‍රයක් ධර්ම චක්‍රය ලෙස පාසල් සිසුන්ගේ පෙළපොතට ඇතුළත් කිරීමට අනුමත කර ඇති බව ද අගමැතිනියගේ පිළිතුරෙන් වැඩිදුරටත් කියැවේ. රටේ පුරවැසියන් ලෙස ඇගේ එම ප්‍රකාශය අපට සුළුවෙන් ගත හැකි දෙයක් නොවේ.
මේ නිවැරදි ධර්ම චක්‍රය ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය අනුමත කර ඇතැයි අගමැතිතුමිය කියන චක්‍රය කුමක්දැයි විමසීම ද මෙහිදී වැදගත් ය. මේ චක්‍රය හැඳින්වෙන්නේ “අශෝක චක්‍රය” යනුවෙනි. අශෝක චක්‍රය ලෙස හැඳින්වෙන මේ චක්‍රය සටහන්ව ඇත්තේ ඉන්දියාවේ අශෝක රජු විසින් පිහිටු වූ බව හඳුනාගෙන ඇති ලිපි ආශ්‍රිතව ය. මේ චක්‍රය සහිත සුප්‍රසිද්ධම අශෝක සිංහ ශීර්ෂය සොයා ගත්තේ සාරනාත්වලිනි. 1905 වකවානුවේ කැණීම්වලින් සොයාගත් අශෝක ස්තම්භ ශීර්ෂය ලෙස සැලකෙන සිංහ කුලුනු ශීර්ෂය දැනට සාරනාත් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත. 2012 වසරේදී දඹදිව වන්දනාවේ නිරත වූ අවස්ථාවේ මේ සිංහ ශීර්ෂය සාරනාත් කෞතුකාගාරයේ දී මම පෞද්ගලිකවම දැක ගත්තෙමි. එම සිංහ කුළුනු ශීර්ෂයේ සිංහ රූප හතරට යටින් නිරූපණය කර ඇති මේ චක්‍රය හඳුන්වන්නේ අශෝක චක්‍රය කියා ය. සුප්‍රකට සාංචි විහාරයේ කැටයම් අතර මෙන්ම වෙනත් ස්ථාන ගණනාවකින් මේ චක්‍ර සටහන සහිත නටබුන් හමුවී තිබේ.
මේ චක්‍රයෙන් නිසැකවම බුදුදහම නිරූපණය වෙන බවට නිගමනයක් නැත. ඇතැම් විශාරදයන් පවසන්නේ මේ චක්‍රයෙන් කාලිංග ආක්‍රමණයෙන් පසු අශෝක තුළ දිග් විජය වෙනුවට ධර්ම විජය පිළිබඳව ඇතිවූ සංකල්පය නිරූපණය වන බවයි. වර්තමාන ඉන්දියාවේ රාජ්‍ය මුද්‍රාව ලෙස භාවිතා කරන්නේ මේ සිංහ ශීර්ෂ කැටයමයි. ඒ අනුව ඉන්දීය රාජ්‍ය මුද්‍රාවේ සිංහ රූපවලට යටින් දැක්වෙන්නේ අශෝක චක්‍රයයි. සිංහ රූපවලින් බලය නිරූපණය වනවා නම්, ඉන්දීය රාජ්‍ය මුද්‍රාවට අනුව සියල්ල අභිභවා ඉහළින්ම ඇත්තේ බලයයි. මෙරට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පිළිතුර අනුව, අශෝක චක්‍රය මගින් නිරූපණය කරන්නේ බුදුදහමේ ධර්ම චක්‍රය යැයි මෙරට ආගමික කටයුතු අමාත්‍යාංශය අනුමත කර ඇත්නම්, ඉන්දීය රාජ්‍යය තුළ බුදුදහමට ඉහළින් රාජ්‍ය බලය ක්‍රියාත්මක බවත් ඉන් නිරූපණය වන බව ද කිව හැකිය.
නමුත් මේ අන්දමේ කතාවක් ඉන්දියානුවෙකුවත් ප්‍රසිද්ධියේ නොකියන බව නම් විශ්වාස ය. නොඑසේව අශෝකගේ ධර්ම විජය ප්‍රතිපත්තිය අශෝක චක්‍රයෙන් නිරූපණය වන්නේ නම්, එම ධර්ම විජය ප්‍රතිපත්තිය රාජ්‍ය බලය තුළ අන්තර්ගත ප්‍රතිපත්තියක් ලෙස ඉන්දීය රාජ්‍ය මුද්‍රාවෙන් නිරූපිත ය. එය එසේ බව පිළිගැනීමට කිසිදු බාධාවක් නොපෙනේ. මේ අශෝක චක්‍රය ඉන්දීය ජාතික ධජයට ද ඇතුළත් කර ඇත. එසේ ඇතුළත් කරනු ලැබුවේ පසුව ඉන්දීය බෞද්ධ නායකයෙකු බවට පත් වූ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ යෝජනාවක් අනුව වුව ද, එය බුදුදහම සංකේතවත් කිරීමට ඇතුළත් කළා යැයි සිතිය නොහැක්කේ මේ අශෝක චක්‍රය ජාතික කොඩියට ඇතුළත් කරනු ලැබුවේ ආචාර්ය අම්බෙඩ්කාර් බෞද්ධ ආගමිකයෙකු වීමට වසර නවයකට එපිට, 1947 ජූලි මාසයේදී වීම නිසා ය. ඔහු බුද්ධාගම වැළඳ ගත්තේ 1956.10.14 දින ඉන්දියාවේ නාග්පූර්වලදී ය.
ඉකුත් 09 වන දා අගමැතිතුමිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඉන්දීය ජනරජ මුද්‍රාවේ සඳහන් අශෝක චක්‍රය මෙරට බුදුදහම නිරූපණය කරන ධර්ම චක්‍රය ලෙස අනුමත කිරීමට ආගමික කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කර ඇත. එසේ නම් එය බරපතළ වැරදි ක්‍රියාවක් වන්නේ ශ්‍රී ලංකාව දැනට වසර පනස් තුනක සිට බුදුදහම නිරූපණය කරන ධර්ම චක්‍රය ලෙස වටරවුමෙන් එළියට විහිදුණු ගරාදි අටකින් යුතු චක්‍රයක් නිල වශයෙන් පිළිගෙන රාජ්‍ය මුද්‍රාවට ද ඇතුළත් කර ඇති නිසා ය. මේ නිල මුද්‍රාව සෑම රාජ්‍ය ආයතනයකම ලිපි ශීර්ෂයකම, රාජ්‍ය ලේඛනයකම සටහන්ව ඇත. ශ්‍රී ලංකා ජනරජය පුරවැසියන්ට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රයේ ද, ජාතික හැඳුනුම්පතේ ද, රියදුරු බලපත්‍රයේ ද මෙය පැහැදිලිව සටහන් කර ඇත. එසේම සෑම අමාත්‍යාංශයකම නාම පුවරුවේ මේ රාජ්‍ය නිල ලාංඡනය සටහන් වේ. (එසේ වුව ද මේ ලිපිය ලියාගෙන යද්දී රටේ පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ලිපි ශීර්ෂයේ දැක්වෙන්නේ යැයි කියන රාජ්‍ය ලාංඡනයේ පින්තූර සමාජ මාධ්‍යයේ පැතිරෙමින් තිබෙනු නිරීක්ෂණය විය. එසේ බෙදා හැරෙන නිල ලාංඡනයේ නම් ධර්ම චක්‍රයක් හෝ සිංහයෙකු නැති බව නිරීක්ෂණය විය. එය සත්‍යයක් නම් තත්ත්වය ඉතා බියකරුය.)
ඒ සියල්ල නොතකමින් ඉන්දීය රාජ්‍ය මුද්‍රාවේ හා ඉන්දීය ජාතික කොඩියේ ඇති චක්‍රයක් නිවැරදි ධර්ම චක්‍රය ලෙස අනුමත කිරීමට මෙරට අමාත්‍යාංශයක් ක්‍රියා කර ඇත්නම්, එයින් කර ඇත්තේ අප ශ්‍රී ලංකා රාජ්‍යයේ නිල මුද්‍රාව හෑල්ලුවට ලක් කිරීම ය. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා තමන්ගේ පොලිස් නිලධාරීන්ගේ හිස්වැසුම්වල හා නිල ඇඳුමේ එක් අතක “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී” යන පාඨය මැද ඇති රාජ්‍ය මුද්‍රාවේ ඇත්තේ ධර්ම චක්‍රය නොවේ නම් නැවක සුක්කානම දැයි ආගමික කටයුතු විෂය භාර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගෙන් විමසා බැලීම සුදුසු ය.
ඉන්දියානු ජාතික කොඩියේ හා රාජ්‍ය මුද්‍රාවේ දැක්වෙන අශෝක චක්‍රය මෙරට රාජ්‍ය මුද්‍රාවේ මුදුනට පිහිටුවිය හැකි නම්, එයින් වඩාත් සතුටට පත්වනු ඇත්තේ අසල්වැසි අපේ කලාපයේ “ලොකු අයියා” වන ඉන්දියාව ය. ඉන්දියාවේදී උසස් අධ්‍යාපනය හදාරා උපාධි ලබා ඉන්දියානු සල්වාරි ඇඳුමට වඩාත් ප්‍රිය බව පෙන්නුම් කරන අපේ රටේ අගමැතිතුමියටත් එයින් වැඩි අවුලක් ඇති වෙතැයි සිතිය නොහැක. එසේ වුවත් කලාපයේ අපට සිටින සමීපතම මිතුරකු ලෙසටත්, අප රටේ මුදුන්මල්කඩ සේ සැලකෙන බුදුදහමේ ශාස්තෘවරයා වූ බුදුන් වහන්සේ දහම් දෙසූ දේශය ලෙසටත් ඉන්දියාවට ගරු කරන අප කිසිවෙකු, ඉන්දීය අනන්‍යතාවයේ සංකේතය අපේ රටේ නිල මුද්‍රාවේ ඉහළින් පිහිටුවා ගෙන පරාධීන යටත් ජාතියක් ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය වීමට නම් කැමැත්තක් ඇත්තේම නැත.

කෙසේ වෙතත් ඉන්දියානු ජාතික කොඩියේ හා රාජ්‍ය මුද්‍රාවේ දැක්වෙන අශෝක චක්‍රය මෙරට රාජ්‍ය මුද්‍රාවේ මුදුනට පිහිටුවිය හැකි නම්, එයින් වඩාත් සතුටට පත්වනු ඇත්තේ අසල්වැසි අපේ කලාපයේ “ලොකු අයියා” වන ඉන්දියාව ය. ඉන්දියාවේදී උසස් අධ්‍යාපනය හදාරා උපාධි ලබා ඉන්දියානු සල්වාරි ඇඳුමට වඩාත් ප්‍රිය බව පෙන්නුම් කරන අපේ රටේ අගමැතිතුමියටත් එයින් වැඩි අවුලක් ඇති වෙතැයි සිතිය නොහැක. එසේ වුවත් කලාපයේ අපට සිටින සමීපතම මිතුරකු ලෙසටත්, අප රටේ මුදුන්මල්කඩ සේ සැලකෙන බුදුදහමේ ශාස්තෘවරයා වූ බුදුන් වහන්සේ දහම් දෙසූ දේශය ලෙසටත් ඉන්දියාවට ගරු කරන අප කිසිවෙකු, ඉන්දීය අනන්‍යතාවයේ සංකේතය අපේ රටේ නිල මුද්‍රාවේ ඉහළින් පිහිටුවා ගෙන පරාධීන යටත් ජාතියක් ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය වීමට නම් කැමැත්තක් ඇත්තේම නැත.
එම නිසා අප රටේ නිල රාජ්‍ය මුද්‍රාවේ නිරූපිත ධර්ම චක්‍රය හැර වෙනත් චක්‍ර බුදුදහම නිරූපණය වන ධර්ම චක්‍රය ලෙසට රාජ්‍ය පිළිගැනීමක් ලබා දීමට හීන් නූලෙන් ක්‍රියාත්මක වෙන මෝඩ මන්ද බුද්ධික උත්සාහයන්වලට එරෙහිව අපගේ බලවත් විරෝධය පැහැදිලිව සටහන් කළ යුතුව ඇත. මේ අන්දමේ කතාවක් පාර්ලිමේන්තුවේ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ අධ්‍යාපන ඇමති හා අගමැතිවරිය වන ආචාර්ය හරිනි අමරසූරිය ය. තම රටේ රාජ්‍ය නිල මුද්‍රාවේ ඇති ධර්ම චක්‍රය නොසලකමින් අල්ලපු ඉන්දියාවේ රාජ්‍ය මුද්‍රාවේ හා ජාතික කොඩියේ ඇති එරටට අනන්‍ය වූ සංකේතයක් නිවැරදි ධර්ම චක්‍රය ලෙස අනුමත කළා යැයි කියැවෙන අමාත්‍යාංශය භාර ඇමති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි ය. මේ ආචාර්ය මහාචාර්යවරු දෙපළ ගැන දැන් ඉතින් “අනේ අපොයි” කියනවා හැර වෙන දෙයක් කීමට අවශ්‍යතාවක් ද නැත. එහෙත් මෙවන් අමනෝඥකම් හමුවේ ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාව ඇද වැටිය හැකි අගාධයේ ගැඹුර අපට නම් සිතා ගැනීමට වත් නොපුළුවන.
සුනිල් කන්නන්ගර
කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති