පොලොන්නරුව, දිඹුලාගල කන්දේ ඊයේ (7) සවස හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර, මේ වන විටත් එය කන්ද මුදුන දක්වා පැතිර යමින් පවතින බව මනම්පිටිය පොලිසිය සදහන්කරයි.
ගින්න මැඬලීම සඳහා ගිනි නිවන හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව සහ මනම්පිටිය පොලිසියේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක සඳහන් කරයි.
කෙසේ වෙතත්, රාත්‍රී කාලයත්, වන අලි රංචු වශයෙන් ගැවසීමත් හේතුවෙන් ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා විශාල බලපෑමක් එල්ලවී තිබේ.
ගින්න පැතිර යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරයි.