දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අද (7) අලුයම නිකුත්කළ නවතම කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
මේ අතර ඉදිරි පැය 24 තුළ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර, සුළං වේගය පැ.කි.මී. 20-30ත් අතර විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.