දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකයා

අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් පිළිබඳව රටේ පොදු මහජනතාව තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. නමුත් එසේම අගනා වටිනා මෙහෙයක් අපගේ මාතෘ භූමියේ ගහකොළ, සතා සිවුපාවා, පරිසර පද්ධතීන් සහ ස්වාභාවික සම්පත් සංරක්ෂණ සහ ආරක්ෂණය වෙනුවෙන් නිහඬව ඉටු කරන තවත් පිරිසක් අප අතර සිටිති. ඔවුන් අඩවි ආරක්ෂකවරුන්ය. ඔවුන්ගේ මෙහෙවර හුදෙක් වනසතුන් හා වෘක්ෂලතාවල රැකවරණය වෙනුවෙන් පමණක් යැයි කෙනකුට සිතෙන්නට පිළිවන. නමුත් එයින් එහා ගිය අසමාන සේවාවන් රාශියක් මානව වර්ගයා වෙනුවෙන් ද ඉටු කරන ඔවුන් නොවන්නට අපගේ ආහාර, ජල හා බලශක්ති සුරක්ෂිතතාවය මෙන්ම ජීවත් වීමේ අයිතිය පවා තවදුරටත් අභියෝගයට ලක්විය හැකිය. එබැවින් ඔවුන් රටේ ජනතාවගේ මෙන්ම ජනතා නියෝජිතයන්ගේ ද පැසසුමට ලක්විය යුත්තෝය. නමුත් අද වනවිට ඔවුන් දිවි හිමියෙන් සිදුකරන එම සංරක්ෂණ කාර්යය රාජ උදහසට ලක්වීමට ද හේතුවක් වීම කොතරම් නම් අභාග්‍යයක්ද?

නව රාජකාරි ස්ථානයේදී ඔහුගේ අවධානය යොමුවන එක් ප්‍රධාන කාරණයක් වන්නේ ප්‍රදේශයේ පවතින විශාල ගැටලුවක් වන අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් සෙවීමය. ඒ සඳහා ඔහු අනුගමනය කරන එක් උපායමාර්ගයක් වන්නේ මෙම කලාපයේම ඇති එකම වනජීවී රක්ෂිතය වන කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සුරක්ෂිත කිරීමය. ඔහු තක්කඩි දේශපාලුවන්ගේ උදහසට ලක්වීමට ප්‍රධාන හේතුව වන්නේද එයයි. එහිදී අභය භූමියේ ඇති හක්වටුණාව ජලාශයේ වැව් පිටිය අලි ඇතුන් වෙනුවෙන් වෙන්කර දීමට දැරූ උත්සාහයේදී ආණ්ඩුවේ දේශපාලන හෙංචයියන්ගේ ඉඩම්ද ඊට හසුවීම මෙම වනසත්ව අඩවි ආරක්ෂකවරයාගේ රාජකාරි දිවියේ තීරණාත්මක සංධිස්ථානයක් බවට පත්වීම දෛවයේ සරදමක් වැනිය. එහි අවසන් ප්‍රතිඵලය ඔහු අනීතික ආකාරයට ස්ථාන මරු කරවීමට පසුගිය ජුනි 13 වැනිදා රැස්වූ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීන්දුවක් ගැනීමය.

අපගේ කතානායකයා වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂකවරයා ලෙස සේවයේ නියුතු නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්නට අද වනවිට අත්ව ඇත්තේ එවැනි ඉරණමකි. ඔහු තුන්වන ශ්‍රේණියේ වනසත්ව අඩවි ආරක්ෂකවරයකු වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳෙන්නේ වර්ෂ 2012 ජුනි 7 වැනි දිනය. එතැන් සිට කවුඩුල්ල, මඩු, කිළිනොච්චිය, උල්හිටිය සහ ගම්පහ ප්‍රදේශවල සහ නැවතත් කිළිනොච්චිය යන සේවා ස්ථානවල රාජකාරි ඉටු කිරීමෙන් පසු ඔහු හේරත්ගම අඩවි ආරක්ෂකවරයා ලෙස පත්වීම් ලබන්නේ වර්ෂ 2023 සැප්තැම්බර් 1 වැනි දිනය.

නව රාජකාරි ස්ථානයේදී ඔහුගේ අවධානය යොමුවන එක් ප්‍රධාන කාරණයක් වන්නේ ප්‍රදේශයේ පවතින විශාල ගැටලුවක් වන අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් සෙවීමය. ඒ සඳහා ඔහු අනුගමනය කරන එක් උපායමාර්ගයක් වන්නේ මෙම කලාපයේම ඇති එකම වනජීවී රක්ෂිතය වන කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සුරක්ෂිත කිරීමය. ඔහු තක්කඩි දේශපාලුවන්ගේ උදහසට ලක්වීමට ප්‍රධාන හේතුව වන්නේද එයයි. එහිදී අභය භූමියේ ඇති හක්වටුණාව ජලාශයේ වැව් පිටිය අලි ඇතුන් වෙනුවෙන් වෙන්කර දීමට දැරූ උත්සාහයේදී ආණ්ඩුවේ දේශපාලන හෙංචයියන්ගේ ඉඩම්ද ඊට හසුවීම මෙම වනසත්ව අඩවි ආරක්ෂකවරයාගේ රාජකාරි දිවියේ තීරණාත්මක සංධිස්ථානයක් බවට පත්වීම දෛවයේ සරදමක් වැනිය. එහි අවසන් ප්‍රතිඵලය ඔහු අනීතික ආකාරයට ස්ථාන මරු කරවීමට පසුගිය ජුනි 13 වැනිදා රැස්වූ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීන්දුවක් ගැනීමය.

මෙම අත්තනෝමතික, අසාධාරණ සහ අනීතික දේශපාලන අතපෙවීමට එකම හේතුව උක්ත නිලධාරියා 1937 අංක 02 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ බලයලත් නිලධාරියකු ලෙස එම පනත මගින් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කිරීමය. ඔහු විසින් අභය භූමියේ ආරක්ෂාව වෙනුවෙන් 1979 අංක 07 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු පවරා ගැනීමේ) පනයේ ප්‍රතිපාදන ප්‍රකාරව පැවරූ නඩු සංඛ්‍යාව විසි එකකි. එමගින් මේ දක්වා අස් කිරීමේ දැන්වීම් යවා වනසතුන් වෙනුවෙන් නිදහස් කරගැනීමට කටයුතු කරමින් ඇති, විවිධ පුදගලයන් විසින් නීති විරෝධී ලෙස අල්ලාගෙන සිටි කහල්ල පල්ලෙකැලේ අභය භූමියට අයත් ඉඩම් ප්‍රමාණය අක්කර හැට පහකට ආසන්නය. එසේ සන්තකය පවරා ගැනීමට කටයුතු කර ඇත්තේ හක්වටුණාව ජලාශයේ උපරිම ජල මට්ටම දක්වා වන සීමාවද උල්ලංඝනය කරමින් ජලාශ භූමියේ වගාකළ පුද්ගලයන්ට අයත් ඉඩම්ය. එසේම වනඅලින් තිදෙනකුට එකවර විදුලි සර යෙදීමෙන් මරණයට පත්කළ සහ තවත් ස්ථානයක එසේම වනඅලියකුට විදුලි සර යෙදීමෙන් මරණයට පත් කරනු ලැබූ අභය භූමිය තුළ වූ ඉඩම් දෙකක්ද, අලුතින් කැලෑ එළිපෙහෙළි කළ ඉඩම් දෙකකක්ද නැවත අභය භූමියට ඇතුළත් කරගැනීමට ඔහු වෙහෙසුණේය. ඒ අනුව ඔහු තම රාජකාරි ඉටුකර ඇත්තේ පෞද්ගලික පළිගැනීමේ චේතනාවකින් හෝ බලය හොබවන දේශපාලන පක්ෂය අපහසුතාවයට පත් කිරීමේ උවමනාවෙන් නොව, හේරත්ගම අඩවියේ වනසත්ව අඩවි ආරක්ෂකවරයා ලෙස තමන් වෙත පැවරී ඇති රාජකාරිමය වගකීමෙන් බව මානව පැහැදිලි වේ.

පසුගිය ජුනි 13 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී නාට්‍යානුසාරීව වනජීවී අපරාධකරුවන්ට අනුකම්පාව උපදවමින් හා වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්නට අභූත චෝදනා එල්ල කරමින් ඔහුව දංගෙඩිය නියම කරමින් කැකිල්ලේ තීන්දු ගත් අමනෝඥ දේශපාලුවන් අනෙක් පසින් අසාර්ථක බව දශක ගණනාවක් තිස්සේ ඇස් පනාපිටම සපථ කර ඇති අලි පලවාහැරීමක් සංවිධානය කිරීමට කටයුතු කළ ප්‍රාදේශීය පරිපාලන නිලධාරියකු උත්කර්ෂයට නැඟීමය. තවද ඔහු අභය භූමිය තුළ පිහිටි ඉරුදෙණියාය ප්‍රදේශයේ ඉඩම් ජනතාවට බෙදාදීමේ ව්‍යාපෘතියේද ඉදිරි පෙළ සාමාජිකයෙකි.

නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්න

පසුගිය ජුනි 13 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී නාට්‍යානුසාරීව වනජීවී අපරාධකරුවන්ට අනුකම්පාව උපදවමින් හා වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ කොඩිසිංහ ආරච්චිගේ චතුර චාමින්ද ගුණරත්නට අභූත චෝදනා එල්ල කරමින් ඔහුව දංගෙඩිය නියම කරමින් කැකිල්ලේ තීන්දු ගත් අමනෝඥ දේශපාලුවන් අනෙක් පසින් අසාර්ථක බව දශක ගණනාවක් තිස්සේ ඇස් පනාපිටම සපථ කර ඇති අලි පලවාහැරීමක් සංවිධානය කිරීමට කටයුතු කළ ප්‍රාදේශීය පරිපාලන නිලධාරියකු උත්කර්ෂයට නැඟීමය. තවද ඔහු අභය භූමිය තුළ පිහිටි ඉරුදෙණියාය ප්‍රදේශයේ ඉඩම් ජනතාවට බෙදාදීමේ ව්‍යාපෘතියේද ඉදිරි පෙළ සාමාජිකයෙකි.

හේරත්ගම අඩවි ආරක්ෂකවරයා ලෙස පත්වීම් ලබා පැමිණි දින සිට මේ දක්වා පමණක් චතුර විසින් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති වනජීවී අපරාධ සම්බන්ධයෙන් පවරා ඇති නඩු සංඛ්‍යාව සියයකට වැඩිය. එමගින් වනජීවී අරමුදලට බැර කර ඇති දඩ මුදල රුපියල් 5,785, 000.00 කි. මින් පෙරද තමන්ගේ රාජකාරි දිවිය තුළ විවිධ අභියෝගවලට මුහුණ දී ඇති චතුර විවිධ දේශපාලන පක්ෂවල ප්‍රභලයන්ට ඥාතීත්වයන් සහ හිතවත්කම් කියා පාමින් තමන් සිදුකළ වනජීවී අපරාධ යටගසා ගැනීමට තැත් කෙරූ කිසිවකුට සමාවක් ලබාදී නැත.

ඔහු කිළිනොච්චිය අඩවි ආරක්ෂකවරයා ලෙස රාජකාරි ඉටුකළ දින 450 තුළ වනජීවී අපරාධ සම්බන්ධ නඩු 324ක් අධිකරණය හමුවේ පවරා තිබේ. අයියකච්චි සහ පරන්තන් ප්‍රදේශවල පිහිටි උතුරේ ප්‍රබල දේශපාලඥයන්ට සබඳකම් ඇති පුද්ගලයන් විසින් පවත්වාගෙන ගිය හෝටල්වලට පවා පැවරූ නඩු ඒ අතර වේ. එක් අවස්ථාවක අයියකච්චි ප්‍රදේශයේ හෝටලයක රඳවාගෙන සිටි තිත් මුවන් තිදෙනකු සම්බන්ධයෙන් හෝටල්කරු නීතිය හමුවට පමුණුවා එම සතුන් විල්පත්තුව ජාතික උද්‍යානයට මුදාහැරීමටද වරදකරුට අධිකරණ මගින් රුපියල් 20,000.00ක දඩ මුදලක් නියම කිරීමට ද ඔහු කටයුතු කළේය. එසේම පරන්තන් ප්‍රදේශයේ දඩමස් ජාවාරමේ නියුතු ප්‍රකට හෝටලයකට පිට පිට නඩු පවරා රුපියල් ලක්ෂ පහකට ආසන්න දඩ මුදල් රජයට අයකර දීමට ද නැවත එම වරද සිදු කළහොත් අදාළ හෝටලය මුද්‍රා තැබීමට ද ඔහු අධිකරණ නියෝග ලබාගෙන තිබේ. එම අවස්ථාවලදී නොයෙකුත් තරාතිරම්වල දේශපාලඥයන්ගෙන් ඔහුට බලපෑම් එල්ල වුවද එම බලපෑම් ඔහු තඹ සතයකට මායිම් කළේ නැත. එසේම එම දේශපාලඥයන් ද ඒ සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න ඇති කිරීමට කටයුතු කළේ නැත. එවැනි පසුබිමක් තුළ වංචාව හා දූෂණය මුලිනුපුටා දමන බවටත් දූෂිත දේශපාලන තන්ත්‍රය වෙනස් කරන බවටත් ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි වර්තමාන රෙජීමය මේ ආකාරයෙන් ඉතා තුච්ච ආකාරයට තමන්ගේ රාජකාරිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ නිලධාරියකුගෙන් දිගින් දිගටම පළිගැනීම තමන් ලද ජන වරමට ද නිගා දෙන බව අපි අවධාරණය කරමු.

2023 වසරේ ජූලි මස ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වශයෙන්ද දිවුරුම්දී ඇති අඩවි ආරක්ෂක චතුරට තම බිරිඳ, දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම වඩා උසස් ජීවන තත්ත්වයක් අත්කර දීමට පූර්ණ කාලීන නීතිඥ වෘත්තිය තෝරාගැනීමට කිසිඳු බාධාවක් නැත. එසේ තිබියදී රාජ්‍ය සේවයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා කිසිඳු ඇගයීමක් නොලබා ඔහු වනජීවී සංරක්ෂණය වෙනුවෙන් මෙසේ කැපවීම විශ්මයජනකය.

2023 වසරේ ජූලි මස ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වශයෙන්ද දිවුරුම්දී ඇති අඩවි ආරක්ෂක චතුරට තම බිරිඳ, දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම වඩා උසස් ජීවන තත්ත්වයක් අත්කර දීමට පූර්ණ කාලීන නීතිඥ වෘත්තිය තෝරාගැනීමට කිසිඳු බාධාවක් නැත. එසේ තිබියදී රාජ්‍ය සේවයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා කිසිඳු ඇගයීමක් නොලබා ඔහු වනජීවී සංරක්ෂණය වෙනුවෙන් මෙසේ කැපවීම විශ්මයජනකය. බීබීසී සේවය මගින් ලොව පුරා විකාශය කෙරෙන බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් කුමරු විසින් ඉදිරිපත් කරනු ලබන ‘ගාඩියන්ස්’ වාර්තා වැඩසටහන් මාලාව මගින් ද මේ දිනවල පෘථිවියේ වටිනාම පරිසර පද්ධති ආරක්ෂා කරන චතුර වැන්නවුන්ගේ ජීවන තොරතුරු ලෝකයා හමුවට ගෙන එයි. පසුගියදා එහි සයවන කථාංගය වෙන්ව තිබුණේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙනි. නමුත් එවැනි පසුබිමක අලි ඇතුන්ගේ වාස භූමි සංරක්ෂණය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ වනසත්ව අඩවි ආරක්ෂකවරයකුට පාදඩ දේශපාලුවන් විසින් එලව එලවා පහර දෙන බව, මරණීය තර්ජන එල්ල කරමින් ඇති බව විලියම් කුමරු නොදන්නවා විය යුතුය.

හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂක චතුර ගුණරත්න මේ ආකාරයෙන් අත්තනෝමතික, අසාධාරණ හා අනීතික ආකාරයට ස්ථාන මාරු කිරීමට හෝ දණ්ඩනයට ලක් කිරීමට බලධාරීන් කවර ආකාරයකින් හෝ කටයුතු කිරීම ඔහුට පමණක් හුදෙකලා සිදුවීමක් නොවේ. එය වනජීවී අපරාධකරුවන්ට මෙරට වනජීවී සහ වනසම්පත් විනාශ කිරීමට උඩගෙඩි දීමකි. තවද මහජන බදු මුදල්වලින් තමන් ලබන වේතනයට ණය නැතිව අවංකව සහ නිර්භයව තම රාජකාරි ඉටු කරන සමස්ථ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයටම එල්ල කරන මරු පහරක් බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමි.

සුපුන් ළහිරු ප්‍රකාශ් (අලි-මිනිස් ගැටුම සම්බන්ධ පර්යේෂණ ගණනාවකට සක්‍රිය දායකත්වයක් දැක්වූ පරිසරවේදියෙකි)

එතෙර - මෙතෙර