දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම නිවේදනය නිකුත් කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නොවුඩ්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක බවයි.