දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.
ඒ අනුව කළුතර සහ මාතර දිස්ත්රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බවයි වාර්තා වෙයි.
ගාල්ල සහ රත්නපුර දිස්ත්රික්ක සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.