දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇතිවූ ආරවුලක් සංසිදවීම සදහා බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කළේ අද වැනි පොහොය දිනකයි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර උන්වහන්සේට කේශධාතු මිටක් පූජාකර එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක සිදූවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

වසරේ පළමු පොහොය අද වීමත් විශේෂත්වයකි.

කාලීන පුවත්