මේ දිනවල අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ “දේශපාලන උණ” තත්වයේ සැලකිය යුතු ඉස්මතු වීමක් දක්නට පුළුවන.ඒ අනුව පොදුවේ සැම කෙනකුම පාහේ දේශපාලන කරලිය වෙත නෙත් හෙලා හිඳිනු පෙනේ.නමුත්, මේ වන විට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.මේ වන විට ඩෙංගු රෝගීන් හය දෙනකුම මරණයට පත් ව ඇති අතර රෝගීන් 17,459 දෙනකු වාර්තා වී ඇති බවත් අප්‍රේල් මාසය තුළ පමණක් 5000ක වැනි රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසා තිබේ..ඔහු ඒ බව කියා ඇත්තේ,ඉකුත් 30 දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.ඔහු පවසා ඇති අන්දමට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 27% ක් හමුවී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14.8% ද කළුතර දිස්ත්‍රික්කයෙන් 3.8% ද ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.ඒ අතර 9.2% ක් රත්නපුරෙන් ද 6.3% ක් මඩකළපුවෙන් ද 6.0% ක් මහනුවරින් ද 4.2% ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසා ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට ඩෙංගු රෝගීන් 1665 දෙනකු වාර්තා වන බව ද සඳහන් කොට තිබේ.එසේම, ඉදිරියේ දී අපේක්ෂිත නිරිත දිග මෝසම් වැසි සමග මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බවත් ඊඩිස් ඇලබොපිකිටස් මදුරු විශේෂය මගින් පැතිරෙන චිකන්ගුන්යා රෝගය ද තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින බවත් වෛද්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.එහෙත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ජන අවධානයක් යොමුව නැතැයි අපට සිතෙයි.
අපේ රට තුළ ගම් සහ නගර පාලනය සඳහා ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ඡන්දයෙන් යහපත් පුරවැසියන් තෝරා ගැනීමේ මෙම ඡන්දය මේ වන විට අප රටේ දේශපාලන පක්ෂ නම් බූවල්ලා විසින් ග්‍රහණය කර ගැනීම වෙනම ඛේදවාචකයකි.නමුත් ඒ පිළිබඳ තැකීමක් නොකොට මුලු මහත් සමාජයම ඒ සම්බන්ධ අවධානය යොමු කොට ඇති පසුබිමක වසංගත රෝග තුළ සැඟවී පැමිණෙන මාරයා ද සමාජ තුරුළට එන තුරු කිසිවකුටත් නොපෙනීමේ පහසු හැකියාවක් තිබේ.
අප රටේ පැතිර යන වසංගත රෝග අවදානම් පිළිබඳව ජනතාව දැන ගනු ලබනුයේ ජන මාධ්‍ය මඟිනි.එහෙත්,යම් යම් විශේෂිත ප්‍රවෘත්ති සම්බන්ධ උනුසුම් තත්වයන් තුළ ජන මාධ්‍ය තුලින් ඇතැම් වැදගත් පුවත් ද ගිලිහී යාමේ අවකාශයක් තිබේ.ඒ ප්‍රවෘත්ති නිෂ්කාශනය බොහෝ විට මහජන ඉල්ලුම මත රඳා පවතින බැවිනි.මේ වන විට අප සමාජය තුළ ප්‍රවර්ධනාත්මක ලෙස දක්නට ලැබෙන ප්‍රවෘත්තිය වනුයේ ලබන 6 වන දාට යෙදෙන පළාත් පාලන ඡන්ද විමසීම ය. අපේ රට තුළ ගම් සහ නගර පාලනය සඳහා ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ඡන්දයෙන් යහපත් පුරවැසියන් තෝරා ගැනීමේ මෙම ඡන්දය මේ වන විට අප රටේ දේශපාලන පක්ෂ නම් බූවල්ලා විසින් ග්‍රහණය කර ගැනීම වෙනම ඛේදවාචකයකි.නමුත් ඒ පිළිබඳ තැකීමක් නොකොට මුලු මහත් සමාජයම ඒ සම්බන්ධ අවධානය යොමු කොට ඇති පසුබිමක වසංගත රෝග තුළ සැඟවී පැමිණෙන මාරයා ද සමාජ තුරුළට එන තුරු කිසිවකුටත් නොපෙනීමේ පහසු හැකියාවක් තිබේ.එය හරියට අප කිසියම් කලබලයක පසුවන විටෙක තවත් පාර්ශවයකට අපේ කණ-කර ඉණ ඉහ අත ගාගෙන යාමට ලැබෙන පහසු අවකාශය මෙනි.
මේ අතර‘චිකන් ගුන්යා’ රෝග ලක්ෂණ ඇති රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ ලබාගත යුතු බව ද මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම පමණක් මෙම රෝගය පාලනය කිරීමට ඉවහල් වන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි ඒ අනුව ඉහත සඳහන් රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන විශේෂ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වීම සාමාන්‍ය ක්‍රමවේදයකි.ඊට අනුව මෙම මැයි මාසය විශේෂ මදුරු මර්දන මාසයක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර පවසයි.ඒ අනුව මේවා ද දේශපාලනික ව්‍යාපෘති සේ හඳුන්වා ජනතාව නොමඟ නොයැවීමට බලධාරීන් සැලකිලිමත් විය යුතු ය.
මෙම රෝගය සඳහා මේ වනවිට නිසි ප්‍රතිකාර හෝ එන්නතක් සොයාගෙන නැති බවත් රෝගීන්ට ලැබිය යුතු ප්‍රධානම ප්‍රතිකාරය වන්නේ විවේකය බවත් වෛද්‍යවරු පෙන්වා දෙති. වතුර සහ ස්වාභාවික දියර රෝගීන්ට ලබාදිය යුතු බව ද රෝගය උත්සන්න වූවන්ට දැඩි වේදනා නාශක ලබාදෙන බවද පවසන වෛද්‍යවරු මෙය බෝවීමට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඩෙංගු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ‘චිකන් ගුන්යා’ තද උණ, හිසරදය, ශරීරයේ රතු ලප, නාසය, අත් පා අවපැහැ ගැන්වීම මෙන්ම හන්දිපත් වේදනාව ද රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරයි.අප්‍රිකාව, ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල මෙම රෝගීන් බහුලව දැකිය හැකි බවත් වසර ගණනකට පසුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් ද ‘චිකන් ගුන්යා’ රෝගීන් වාර්තා වී ඇති බවත් බාල මහලු ඕනෑම වයසක අයකුට රෝගය වැළඳීමේ හැකියාව ඇති බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කොට තිබේ. දැනට කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවලින් වාර්තා වී ඇති මෙහි ඉදිරි ව්‍යාප්තිය පිළිබඳව කිසිවකුටත් අනාවැකි කිව නොහැක.
මෙම රෝගය සඳහා මේ වනවිට නිසි ප්‍රතිකාර හෝ එන්නතක් සොයාගෙන නැති බවත් රෝගීන්ට ලැබිය යුතු ප්‍රධානම ප්‍රතිකාරය වන්නේ විවේකය බවත් වෛද්‍යවරු පෙන්වා දෙති. වතුර සහ ස්වාභාවික දියර රෝගීන්ට ලබාදිය යුතු බව ද රෝගය උත්සන්න වූවන්ට දැඩි වේදනා නාශක ලබාදෙන බවද පවසන වෛද්‍යවරු මෙය බෝවීමට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිති.මේ අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයේ ද ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව පවසන සෞඛ්‍ය අංශ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වමනය සහ ඇඟපත වේදනාව එහි රෝග ලක්ෂණ බව ද සඳහන් කරයි.ඒ අනුව අප විශේෂයෙන් සිහි තබා ගත යුත්තේ මේ දිනවල පැතිර යන දේශපාලන උණට වඩා බරපතල ඩෙංගු, චිකන් ගුන්යා සහ ඉන්ෆ්ලුවෙන්සා උණ ගැන ද අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවකි.
රීටා ජෙනට් පෙරේරා