ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පිංකම් සංවිධාන කර ඇත්තේ ආමිස සහ ප්රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ය.
බුදුරජාණන් වහන්සේගේ ප්රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකයි.එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකයි