නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977- 9851048653 අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවයි.
විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ, නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් තබා ගන්නා ලෙසත්, ඖෂධ භාවිතා කරන පුද්ගලයින් සෑම විටම ඒවා ළඟ තබා ගත යුතු බවයි.