නොවැම්බර් ලංගම වාර ප්‍රවේශ පත්‍රයෙන් දෙසැම්බර් මාසයේත් පාසල් යාමට සිසුන්ට අවස්ථාව

පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇත.

ඒ අනුව පසුගිය මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි බව ද ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනලදි.

මේ අතර ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වු අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ අරමුණින් ජනවාරි මාසයේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට ගුරුවරුන් සුදානම්ව සිටන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

කාලීන පුවත්