නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
මෙම ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පස් කන්ද කඩා වැටී ඇති බව වාර්තා වේ.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.