ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිත ව ඇති පරණ යකඩ උනු කිරීමේ කම්හල් වලින් එම ප්‍රදේශ වල ජල මූලාශ්‍ර වලට මුදා හරින යබොර මුසු ජලයෙන් නීති විරෝධී කසිප්පු පෙරීමේ නව ක්‍රමයක් ජාවාරම් කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.මෙම යබොර මුසු ජලයෙන් දමන් කසිප්පු වඩියකින් වැඩි බෝතල් ප්‍රමාණයක් නිපදවා ගත හැකි සේම ඒවා අධික සැරකින් යුතු බව ද කියනු ලැබේ.ඒ සම්බන්ධ විද්‍යාත්මක සත්‍යය කුමක් දැයි අප නොදන්නා නමුදු මෙම ක්‍රමය එම ප්‍රදේශ වල යකඩ උනු කිරීමේ කම්හල් වල සේවය කළ හා කරන ඉන්දියානු කම්කරුවන් විසින් මෙරට යහළුවන්ට හඳුන්වා දුන් නවතම ක්‍රමයක් බව පැවසෙයි.එමෙන්ම එසේ කසිප්පු පෙරීම පිණිස යබොර මුසු ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර වල මසුන් ඇතුළු ජලජ ජීවීන් සිටියි නම් එම මත් පැන් ශරීරයට විෂ නොවන බව එම ඉන්දියානුවන් එම ප්‍රදේශ වල ජාවාරම් කරුවන්ට පවසා තිබේ. දකුණු ඉන්දියාවේ පරණ යකඩ වෙළඳාම සහ ඒවා උණු කිරීම සියවස් ගණනක් තිස්සේ විශාල කර්මාන්තයක් ලෙස වර්ධනය වෙමින් තිබේ.මෙය කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර වශයෙන් සිදු කෙරේ.
කර්මාන්තශාලා, ඉදිකිරීම් ස්ථාන, වාහන අලුත්වැඩියා මධ්‍යස්ථාන, සේම ගෘහස්ථ මූලාශ්‍රවලින් විශාල යකඩ ප්‍රමාණයක් එකතු කරනු ලැබේ. දකුණු ඉන්දියාව පුරා සිටින “කබාඩිවාලා” හෙවත් පරණ බඩු එකතු කරන්නෝ මේ සඳහා විශාල දායකත්වයක් සපයති. ඔවුහු කුඩා ප්‍රමාණවලින් පරණ යකඩ මිලදී ගෙන, ඒවා එකතු කිරීමේ මධ්‍යස්ථානවලට විකුණති.පසුව ඒවා කම්හල් වල දී උණු කොට එම යකඩවලින් විවිධ වර්ගයේ නිෂ්පාදන සිදු කෙරෙන අතර යකඩ දඬු, යකඩ කම්බි, යකඩ තහඩු, සහ යකඩ කොටස් වශයෙන් වන මෙම නිෂ්පාදන නැවතත් ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, සහ වෙනත් කර්මාන්ත සඳහා යොදා ගන්නා බව පැවසෙයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචි, සේලම්, සහ චෙන්නායි වැනි නගරවල කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් සහ අනෙකුත් කාර්මික ප්‍රදේශවල තෙලංගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් අවට ප්‍රදේශවලත් පරණ යකඩ නැවත භාවිතා කිරීමේ කර්මාන්තශාලා බොහොමයක් ඇති අතර ඉහත සඳහන් ආකාරයට මත්පැන් පෙරීම ඉන්දියාවේ ඉහත ප්‍රදේශ වල ද සිදු වන්නට ඇතැයි පැවසෙයි.ඒ අනුව මෙය ඉන්දියාවේ ගම් බිම් වනසමින් වටිනා ජීවිත ප්‍රමාණයක් අකාලයේ වනසා දමන හොර සුරා ව්‍යාපාරයක කොටසක් එම ඉන්දියානුවන් විසින් මෙරටට හඳුන්වා දීමක් බව පෙනෙයි.
එහෙත් යකඩ උණු කිරීමේ දී ඉවත ලන යබොර මුසු ජලයෙන් මත් පැන් නිෂ්පාදනය මිනිස් සිරුරට කෙතරම් අහිතකර ද යන්න පිළිබඳව අපි ජා ඇල ඒකල කාර්මික ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතනයක රසායනික ඉංජිනේරුවෙකු ගෙන් විමසීමු. ‘යබොර කියන්නේ ලෝහ උණුකරන ක්‍රියාවලියේදී අතුරු ඵලයක් ලෙස ඉතිරි වන දේට.පරණ යකඩ වලින් හරි පොළවෙන් ගන්න ලෝපස් වලින් හරි උණු කරන කොට ඒවායේ අඩංගු අපද්‍රව්‍ය ලෝහයෙන් වෙන්වීමෙන් ඉතුරු වෙන “රොඩු බොඩු” වලට තමයි යබොර කියන්නේ.පරණ යකඩ උණු කරන කොටත් මේ දේ වෙනවා.යබොරවල ප්‍රධාන වශයෙන් සිලිකන් ඩයොක්සයිඩ්,කැල්සියම් ඔක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ් වගේ මූල ද්‍රව්‍ය තියනවා. ඊට අමතරව සමහර යබොර වර්ගවල යකඩ ඔක්සයිඩ් සහ සල්ෆර් සංයෝග වගේ දේවලුත් තියෙන්න පුළුවන්” ඔහු කීය.නමුත් ඒවා ජලය සමග මුසු වූ විට ශරීරයට විෂ සහිත නොවන බවටත් එය සනාථ කරමින් එම ජලයේ මසුන් ඇතුළු ජලජ ජීවීන් වාසය කරන බවත් සමහරෙකු පවසන පුවත ද අපි ඔහුට කීවෙමු.”සාමාන්‍යයෙන් යබොර ජලය සමඟ මුසු වූ පමණින්ම ම විෂ සහිත ද්‍රව්‍යයක් බවට පත් වන්නේ නෑ තමයි.
මේ වන විට දවස පුරාම බට්ටා ට්‍රක් රථ වල බැඳි යකඩ කට වලින් ඇසෙන “පරණ යකඩ වලට දෙනවා අලුත් බේසම්” යන කන් කරච්චලය ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිතව “පරණ යකඩ වලින් දෙනවා අලුත් කසිප්පු” යනුවෙන් යාවත් කාලීන කළ යුතු කාලය දැන් පැමිණ තිබේ.
නමුත්, යබොරවල අඩංගු යම් යම් රසායනික සංයෝග ජලය සමඟ ප්‍රතික්‍රියා කර, ජලයේ පී,එච් අගය වෙනස් කිරීම හෝ යම් යම් අංශු මුදාහැරීම සිදු වෙන්න පුළුවන්.ඒ වගේම යබොරවල අඩංගු බර ලෝහ හෝ වෙනත් රසායනික සංයෝග ජලයට එකතු වීමෙන් ජල මූලාශ්‍ර දූෂණය වෙන්න පුළුවන්. මේක පානීය ජලයට මුසු වුණොන්ත් මිනිසුන්ට වගේම ඒ ජලාශ වල ජීවත් වෙන ජලජ ජීවීන්ට අහිතකර විදිහර බලපානවා.ඒ වගේම යබොර ජලයට මුසු වූ ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වගේම වාතයට මුසු වන වායු ආශ්වාස කිරීමෙන් මිනිසුන්ට වගේම සතුන්ට සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා ඒ අතරින් අක්මා රෝග ස්නායු පද්ධතියේ රෝග, වකුගඩු රෝග වගේම වෙනත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදුවිය හැකි බව තමයි වෛද්‍ය පර්යේෂකයො කියන්නේ.කොහොමත් යබොර මිශ්‍ර ජලයෙන් පෙරන .කරපු මත් පැන් බීමෙන් මේ තත්වයන් මීට වෙනස් විදිහට වුණත් මිනිස් ශරීරයට බරපතල හා අහිතකර විදිහට බලපාන්න පුළුවන්”ඔහු කීය.
ඒ අනුව මේ වන විට දවස පුරාම බට්ටා ට්‍රක් රථ වල බැඳි යකඩ කට වලින් ඇසෙන “පරණ යකඩ වලට දෙනවා අලුත් බේසම්” යන කන් කරච්චලය ජා ඇල වත්තල හා පමුණුගම ආශ්‍රිතව “පරණ යකඩ වලින් දෙනවා අලුත් කසිප්පු” යනුවෙන් යාවත් කාලීන කළ යුතු කාලය දැන් පැමිණ තිබේ.මෙම නව කසිප්පු නිෂ්පාදන ක්‍රියාවලිය නිසා එම ප්‍රදේශ වල කසිප්පු නිෂ්පාදන පරිමාව ඉහළ ගොස් ඇත්දැයි අපි නොදනිමු.නමුත් ඒ ප්‍රදේශවල රජයන මෙම හොර සුරා රකුසා දමනය කොට නිහඬ කිරීම පොලීසියේ වගකීමකි.
එස්.ටී.පී සිල්වා