පළාත් පාලන ආයතන බල අරගල වෛරසයට “දයාසිරි ඔසුව”කොහොම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව තිබුණු ජන අවධානය එහි ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ කෙමෙන් කොළඹ මහ නගර සභාව හා ආණ්ඩුවට බහුතරය දිනා ගැනීමට නොහකි වූ ආයතන කෙරෙහි යොමුවෙමින් පවතී. ආණ්ඩුවට පැහැදිලි බහුතරය දිනා ගැනීමට හැකි වූ පළාත් පාලන ආයතන ඇත්තේ සමස්ත මැතිවරණය පැවැත්වූ පළාත් පාලන ආයතන වලින් තුනෙන් එකක සංඛ්‍යාවකට පමණි.දළ වශයෙන් තුනෙන් දෙකක් වූ ඉතිරි පළාත් පාලන ආයතන වල ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තේරී පත්වී ඇති සභික සංඛ්‍යාවට වඩා වැඩි සභික සංඛ්‍යාවක් අනිකුත් පක්ෂ විසින් දිනාගෙන ඇත.මේ නිසා සභික සංඛ්‍යාවෙන් 50%ක් එක් පක්ෂයක් විසින් දිනා ගැනීමට අසමත් වූ පළාත් පාලන ආයතනවල සභපතිවරුන් හා උප සභාපතිවරුන් තෝරා ගැනීම එක් එක් පළාත් පාලන ආයතනයේ මංගල රැස්වීමේ දී බහුතර සභිකයන් ගේ මනාපය පරිදි සිදු කිරීමට නියමිත ය.මෙහි දී තම තමන්ගේ කඳවුරට අදාල පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවා ගැනීමේ උග්‍ර තරඟයකට ආණ්ඩුව කරවන පක්ෂයත් විරුද්ධ පක්ෂත් මුහුණ දී ඇත.එය ඔවුන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පෙර කී “පුච්චානම්” නිසා තම තමන්ගේ ආත්ම ගෞරවය රැක ගැනීම පිණිස වූ සටනක් ලෙස ද පෙනෙයි.මේ නිසා මේ දිනවල ප්‍රමුඛ මහජන අවධානය යොමුවී ඇත්තේ ආණ්ඩුවට බහුතරය දිනා ගත නොහැකි වූ පළාත් පාලන ආයතන කෙරෙහි ය.ඉනුත් කොළඹ මහ නගර සභාව ප්‍රධාන ස්ථානයක් ගෙන ඇත.

ජාතික ජන බලවේගය හ අනිකුත් විරුද්ධ පක්ෂ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙස පළාත් පාලන ආයතන වල බල ව්‍යුහයේ ප්‍රධාන තනතුර වන සභාපති හෝ නගරාධිපති තනතුරු සඳහා තම නියෝජිතයෙකු පත්කර ගැනීමේ උග්‍ර සටනට පිවිස ඇත.මේ වන විට ඒ සම්බන්ධ කයිවාරු වලින් ජනමාධ්‍ය පිරී තිබේ.එහි විශේෂත්වය වනුයේ මෙතෙක් දේශපාලනයේ තම පක්ෂයේ හැර අන් සියලු පක්ෂවල පිරිස් හොරුන් හා රට කෑමට හවුල් වූ අය ලෙස චෝදනා කරමින් සිටි ජාතික ජන බලවේගය මේ සටනේ දී ස්වාධීනව තරඟ කළ සුළු දේශපාලන කණ්ඩායම් වල සහය ලබා ගැනීමේ උත්සාහයක් යෙදී සිටීම ය.එය ජන වහරේ එන “කන්නට හිතුණු කල ක්බරයා ද තලගොයා කර ගැනීම”යන පිරුළ සිහි ගන්වන්නකි.

මේ වන විට ජාතික ජන බලවේගය හ අනිකුත් විරුද්ධ පක්ෂ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙස පළාත් පාලන ආයතන වල බල ව්‍යුහයේ ප්‍රධාන තනතුර වන සභාපති හෝ නගරාධිපති තනතුරු සඳහා තම නියෝජිතයෙකු පත්කර ගැනීමේ උග්‍ර සටනට පිවිස ඇත.මේ වන විට ඒ සම්බන්ධ කයිවාරු වලින් ජනමාධ්‍ය පිරී තිබේ.එහි විශේෂත්වය වනුයේ මෙතෙක් දේශපාලනයේ තම පක්ෂයේ හැර අන් සියලු පක්ෂවල පිරිස් හොරුන් හා රට කෑමට හවුල් වූ අය ලෙස චෝදනා කරමින් සිටි ජාතික ජන බලවේගය මේ සටනේ දී ස්වාධීනව තරඟ කළ සුළු දේශපාලන කණ්ඩායම් වල සහය ලබා ගැනීමේ උත්සාහයක් යෙදී සිටීම ය.එය ජන වහරේ එන “කන්නට හිතුණු කල ක්බරයා ද තලගොයා කර ගැනීම”යන පිරුළ සිහි ගන්වන්නකි.එමෙන්ම පළාත් පාලන ආයතන වල සභික ධුර දරන්නන් ගේ සහය තම කණ්ඩායමට ලබා ගැනීමට මුදල් තනතුරු හා වරප්‍රසාද අල්ලස් ලෙස ලබාදීමේ ප්‍රවණතාවක් ද කඳවුරු දෙකෙන්ම ඇතිවෙමින් පවතින බවට චෝදනා මතුවෙමින් තිබේ.දැනටමත් විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් පළාත් පාලන නායකත්වය පිහිටුවීමේදී ඒකාබද්ධව කටයුතු කිරීමේ එකඟතාවයකට පැමිණ ඇත.ඒ අතර ආණ්ඩුව පැත්තෙන් කියවෙන්නේ බොහෝ පළාත් පාලන අයතනවල වැඩි සභික සංඛ්‍යාවක් පත්ව ඇත්තේ තම පක්ෂයෙන් බැවින් ඒ ආයතනයට නායකත්වය දීමේ අයිතිය ඇත්තේ තමන්ට බව ය. එසේවුවද 50%සභික සංඛ්‍යාවක් එක් පක්ෂයකින් පත්ව නැති පළාත් පාලන ආයතනවල නායකත්වය තෝරාගන්නේ එම ආයතනයේ සභිකයින්ගේ බහුතර කැමැත්තට වීම ආණ්ඩු පක්ෂයට හිසරදයක් වී ඇත්තේ බොහෝ පළාත් පාලන ආයතනවල තමන්ගේ සභික සංඛ්‍යාවට වඩා විපක්ෂයට අයත් පක්ෂවල සභික සංඛ්‍යාවේ එකතුව විශාල වීම නිසා ය.නමුත් ආණ්ඩුවේත් විපක්ෂයේත් මෙම බල අරගලය අතිශය බොළඳ වූවක් බව මැදහත් විමසුමක දී පෙනී යයි.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස ඇති සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පළාත් පාලන මැතිවරණය අවසන් වූ විගස ප්‍රකාශ කළේ විපක්ෂයට වැඩි සභික සංඛ්‍යාවක් සහිත පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කර ගැනීමට නායකත්වය දීමට තමන් සූදානම් බවය.ඉන් ඔහු නොකියා කිව්වේ විපක්ෂයේ පක්ෂවල සහය ඇතිව ඒ ආයතනවල නායකත්වය සමගි ජන බලවේගය ලබා ගන්නා බව ය.එය අධිකාරිවාදී නොගැලපෙන ප්‍රකාශයකි.ඔහු එසේ “මුදුනා වෙන්නට” යාම විපක්ෂයේ ඇති කරන්නට අපේක්ෂිත සමගියට ආරම්භයේදී ම වැටුණු පොල්ලක් විය.ඒ අතර එක්සත් ජාතික පක්ෂය ඉතාමත් පැහැදිලිව තම සහය විපක්ෂයේ කණ්ඩායම් ලබාදෙන බව ප්‍රකාශ කිරීමත් පුටුව ලකුණින් තරඟ වැදුනු පොදු පෙරමුණ තමන් ආණ්ඩුවට සහය පළ නොකරන බව පැහැදිලිවම ප්‍රකශ කිරීමත් විපක්ෂයේ කණ්ඩායම අතර අපේක්ෂිත සමගිය දිරිගැන්වූ ප්‍රකාශ විය.

විපක්ෂ සන්ධානයක නායකත්වය ලබාදීමට තමන් සූදානම් බවට සජිත් කරන ලද අනුචිත අධිකාරිවාදී ප්‍රකාශයෙන් ඇතිවන්නට ඉඩ තිබුණු ගැටලුව නිරාකරණය සඳහා හොඳම අදහස යෝජනා වූයේ එම පක්ෂයෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූ කුරුණෑගල දයාසිරි ජයසේකරගෙනි.මෑත කාලය තුළ දේශපාලනයේදී ඉදිරිපත්වුණු වටිනාම හා සාධනීයම අදහස ඉදිරිපත් කළ දයාසිරි ජයසේකරට මේ රටේ ජනතාවගේ ප්‍රශංසාව හිමිවිය යුතු බව මගේ අදහසයි ඔහු ඉදිරිපත් කළ අදහස වූයේ විපක්ෂයට සභික සංඛ්‍යාව වැඩි පළාත් පාලන ආයතනවල නායකත්වය පත්කිරීමේ දී එම ආයතන නිර්පාක්ෂික සභා බවට පත් කළ යුතුය යන්නයි. එහි ආරම්භයක් ලෙස තම ඡන්ද බල ප්‍රදේශය වන පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව ඒ අන්දමින් නිර්පාක්ෂික සභාවක් ලෙස ස්ථාපිත කිරීමට එහි විපක්ෂයේ සභිකයන් අතර එකඟත්වයක් ඇතිකර ගත් බවත් ප්‍රකාශ කිරීමෙන් ඔහු තමන්ගේ යෝජනාව ප්‍රායෝගිකව කළ හැක්කක් බවද තහවුරු කොට තිබේ.ඔහුගේ අදහස අනුව පළාත් පාලන ආයතනයේ නායකත්වය සඳහා විපක්ෂයෙන් දක්ෂ සුදුසු සභිකවරුන් පත්කරගෙන පළාත් පාලන ආයතනය මෙහෙයවීමේ දී සියලු සභිකයන් දේශපාලනමය වශයෙන්එක් එක් පිල් වලට නොබෙදී මහජන සේවාවන්ට අදාල තීන්දු තීරණ සාමුහිකව ගනිමින් පළාත් පාලන ආයතනයේ සේවාවන් උපරිම ලෙස ප්‍රදේශයේ මහ ජනතාවට ලබා දිය යුතු ය. ආණ්ඩු පැත්තෙන් තමන් සියලු පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කරන බවට ආණ්ඩු බලයත් යොදා ගනිමින් අත්තනෝමතිකව ක්‍රියාත්මක වෙද්දී විපක්ෂය ලෙස වහසි බස් නොදොඩමින් පරිණත දේශපාලන නායකයෙකු ලෙස ජනතාවාදී විකල්ප පාලනයක් පළාත් පාලන ක්‍රමයට හදුන්වා දෙමින් දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ යෝජනාව තුළින් මේ රටේ රාජ්‍ය පාලනයේ සැබෑ සාධනීය වෙනසක් පිළිබඳ සහන් එළියක් දිස් වෙමින් තිබේ.එමෙන්ම ජාතික ජන බලවේග ආණ්ඩුව මෙලෙස ක්‍රියා කරනු ඇතැයි ජනතාව තැබූ විශ්වාසය පලුදු වෙමින් පවතින අවස්ථාවේ එම ජනතා ප්‍රාර්ථනය ඉටු කළ හැකි ප්‍රායෝගික දේශපාලකයින් විපක්ෂය තුළ ද තවමත් සිටින බව පෙන්වන්නක් විය.

සත්‍ය වශයෙන්ම මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ලෙස මෙරට පවතින පළාත් පාලන ආයතන පද්ධතිය ස්පිථාත කර ඇත්තේ දේශපාලනමය හෝ ආණ්ඩුවේ සංවිධාන ලෙස නොවේ.ඒවා සංස්ථාගත පොදු මුද්‍රාවක් සහිත නෛතික පුද්ගල භාවයක් සහිතව සංස්ථාපනය කරන ලද රාජ්‍ය ආයතන වේ. රාජ්‍යයේ විවිධ විෂයන් සඳහා නෛතිකව ස්ථාපිත කර පවත්වාගෙන යන රාජ්‍ය සංස්ථා මණ්ඩල මෙන්ම පළාත් පාලන ආයතන ද මහ ජනතාවට බලපාන විෂය ක්ෂේත්‍ර ගණනාවකට අදල මහජන සේවා කාර්යක්ෂම ලෙස සිදු කිරීම සඳහා නෛතිකව ස්ථාපිත කර ඇති යම් අන්දමකට මූල්‍ය ස්වාධීනත්වයක්ද සහිත රාජ්‍ය ආයතන සංයුතියකි.සාමාන්‍ය රාජ්‍ය සංස්ථාවක හා පළාත් පාලන ආයතනක ප්‍රධානම වෙනස ඇත්තේ එහි පාලක සභාව පත් කිරීමේදී ය. සාමාන්‍ය රාජ්‍ය සංස්ථාවක පාලක සභාව පත් කිරීමේ බලය විධායකයට අයත් අමාත්‍යවරයා සතු වේ.පළාත් පාලන ආයතනයේ පාලක සභාව පත්කිරීමේ බලය ඇත්තේ මහ ජනතාවට ය. ඒ බලය ජනතාව වෙතින් උදුරා ගැනීම කවුරුන් කළත් ජනතා ද්‍රෝහි කමකි.

පසුගිය මැයි මස හයවනදා දිවයිනේ එක් කෝටි පන්ලක්ෂයක් පමන වන මහ ජනතාවකගේ කැමැත්ත පරිදි පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයකට පාලක සභා සාමාජිකත්වය සඳහා සුදුස්සන් තෝරා ගන්නා ලදී .එක් එක් පළාත් පාලන ආයතනය සඳහා විවිධ පක්ෂ හා කණ්ඩායම් වලින් ඉදිරිපත්වූ අපේක්ෂකයින් අතරින් කොට්ඨාශ පදනමින් හා අනුපාත මට්ටමින් සභිකයින් තෝරා පත්කර අවසන්‍ ය. මේ තෝරා පත්කර ගැනීමේ කාර්යයේ දී බරපතලම පීඩනයට හා අපහසුතාවයට ලක් වුණේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවය. නාම යෝජනා අවස්තාවේදී ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර පදනම්ව අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්කඨාධිරණය ඉදිරියේ පවරා තිබුනු නඩු සංඛ්‍යාව විශාල විය.වරින්වර අධිකරණ නියෝග අනුව යමින් ප්‍රතික්ෂේපිත නාමයෝජනා යළි බාර ගෙන නියමිත දිනට මැතිවරණය සෑම ආයතනයකම පැවැත්වීම නියමිත කාලය තුළ සිදු කිරීම අතිශය අසීරු විය .අවශ්‍ය යනම් ඇතැම් පළාත් පාලන ආයතනවල මැතිවරණය සඳහා වෙනත් දින නියම කිරීමේ නෛතික ඉඩකඩ කොමිෂන් සභාවට තිබුණත් ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වූ ඡන්ද බලය සියලු පළාත් පාලන ආයතන සඳහාම එකම දිනක භාවිතා කිරීමට ඉඩ සැලසීම වෙනුවෙන් දිවා රාත්‍රි වෙහෙස වූ මැතිවරණ කොමිෂන් සභාවට හා එහි නිලධාරීන්ට ඔවුන්ගේ ඒ කැප කිරීම වෙනුවෙන් ජනතාවගේ ප්‍රශංසාව හිමිවිය යුතු ය.

මේ අන්දමින් පළාත් පාලන ආයතන්වල පාලක සභා සාමාජිකත්වය සඳහා පත්වීමට තරඟ කිරීමේදී පක්ෂ හා කණ්ඩායම් අනුව වෙන්ව සිදු කිරීමට හැකියාව ඇතත් පාලක සභාවට පත් වූ පසු තීන්දු තීරණ ගැනීමේ දී එසේ බෙදී ක්‍රියා කිරීමට ඉඩ කඩ නීතියෙන් ලබා දී නැත.පළාත් පාලන ආයතනයක සභික කණ්ඩායම් තුළ ආණ්ඩු පක්ෂ හෝ විපක්ෂ කියා බෙදීමක් නෛතිකව නැත .ඒ අනුව රාජ්‍ය ආයතන පාලනයේ දී ඒවායේ පාලක මණ්ඩල දේශපාලන පක්ෂ මත බෙදී වෙන්වී පාලනය සිදු කිරීම අයෝග්‍ය ය; අනුචිත ය. නීති විරෝධී ය.නමුත් අද වන විට මෙරට රාජ්‍ය පාලනය කොතෙක් විකෘති කර ඇතිද කියනවා නම් පළාත් පාලන ආයතන තුළ පාර්ලිමේන්තුවේ මෙන් මන්ත්‍රීවරුද විපක්ෂ නායක වරුන් ද අනීතික ලෙස අසුන්ගෙන සිටිති.මෙහිදී මගේ මතකයට එන්නේ රත්නපුරේ පළාත් පාලන ආයතනයක සභිකයෙකුට නම සඳහන් කර තනතුර සභික ලෙස සඳහන් කරමින් ලිපියක් යැවූ අපේ ප්‍රාදේශීය ලේකම්වරියක් මාරු කරන ලෙස ඉල්ලමින් උද්ෂඝෝණය කළ ප්‍රාදේශීය සභා සභික පිරිසකි. එපමණකට “මන්ත්‍රී වෛරස් උණ” පලාත් පාලන ආයතනවලට වැළඳී තිබේ.

දේශපාලන පක්ෂවලින් සභිකයන් පත්කිරීම ආරම්භ කර වසර පහලොවක් තුළ රටේ ගම්සභා නම් වූ පළාත් පාලන ආයතන අවසන් ගමන් යැවීමට දේශපාලකයෝ සමත් වූහ.ඉන් සිදුවුණේ වසර අසූවක් අනූවක් තිස්සේ ගම්වැසියන්ගේ දුකට සැපට සොයා බැලූ “මැම්බර් මහත්තයා “සමාජයෙන් අතුරුදහන්වීම ය එකල ගම් සභාවේ සභාපති තුමා අප දුටුවේ ජාතික ඇඳුම ඇඳ සාමන්‍ය බයිසිකලයක් පැදගෙන ගම් සභවට පැමිණේන අපූරුව ය.ඈත ගමක උත්සව සභාවට සභාපති තුමා ගියේ මගීන් සමඟ බස් රථයේ ය. ජාතික ඇඳුම ඇඳ බස් රථයෙන් පැමිණ කර වටේ තිබූ පාට මප්ලරයෙන් ජටාවක් බැඳගෙන ලොකු පට කුඩය බිම ඇන ඇන සැතපුම් දෙකක් පයින් ඇවිත් අපේ පාසලේ උත්සවයකට සහභාගි වූ ජී ඇස් අප්පුහාමි පාලින්ද නුවර ගම්සභාවේ සභාපති තුමාව මට තවමත් මැවී පෙනේ.ඒ සභාපතිවරුන් කුඹුරුවැඩ කාලෙට අමුඩය ගසාගෙන කුඹුරේ වැඩ කළෝ ය. මහජනතාවගේ පොදු කටයුතු නොපිරිහෙලා ඉටු කළෝ ය.

1870 ටත් පෙර වකවානුවේ ආරම්භ වූ මෙරට පළාත් පාලන ආයතන 1956 වනතුරුම මහ ජන ඡන්දයෙන් සභිකයන් පත්කළේ දේශපාලන පක්ෂ වලින් නොවේ.දේශපාලන පක්ෂ ලෙස පළාත් පාලන ආයතන තරඟ කිරීම ඇරඹුණේ ළාත් පාලන මැතිවරණ ආඥා පණතට 1956 සිදු කළ සංශෝධනයකින් පසුව ය.එසේ දේශපාලන පක්ෂවලින් සභිකයන් පත්කිරීම ආරම්භ කර වසර පහලොවක් තුළ රටේ ගම්සභා නම් වූ පළාත් පාලන ආයතන අවසන් ගමන් යැවීමට දේශපාලකයෝ සමත් වූහ.ඉන් සිදුවුණේ වසර අසූවක් අනූවක් තිස්සේ ගම්වැසියන්ගේ දුකට සැපට සොයා බැලූ “මැම්බර් මහත්තයා “සමාජයෙන් අතුරුදහන්වීම ය එකල ගම් සභාවේ සභාපති තුමා අප දුටුවේ ජාතික ඇඳුම ඇඳ සාමන්‍ය බයිසිකලයක් පැදගෙන ගම් සභවට පැමිණේන අපූරුව ය.ඈත ගමක උත්සව සභාවට සභාපති තුමා ගියේ මගීන් සමඟ බස් රථයේ ය. ජාතික ඇඳුම ඇඳ බස් රථයෙන් පැමිණ කර වටේ තිබූ පාට මප්ලරයෙන් ජටාවක් බැඳගෙන ලොකු පට කුඩය බිම ඇන ඇන සැතපුම් දෙකක් පයින් ඇවිත් අපේ පාසලේ උත්සවයකට සහභාගි වූ ජී ඇස් අප්පුහාමි පාලින්ද නුවර ගම්සභාවේ සභාපති තුමාව මට තවමත් මැවී පෙනේ.ඒ සභාපතිවරුන් කුඹුරුවැඩ කාලෙට අමුඩය ගසාගෙන කුඹුරේ වැඩ කළෝ ය. මහජනතාවගේ පොදු කටයුතු නොපිරිහෙලා ඉටු කළෝ ය.

මෙවර පළාත් පාලන ආයතන වල නායකත්වයක් පත්කිරීමේදී නිර්පාක්ෂික සභා ලෙස ක්‍රියාකාරිවන අන්දමේ නායකත්වයක් පත්කිරීමේ “දයාසිරි ඔසුව “විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ බලය සහිත සභාවලටත් ක්‍රියාත්මක කර පළාත් පාලන ආයතනවල ඇතිවී තිබෙන දේශපාලන බල අරගල නම් වෛරස රෝගය නිට්ටාවටම සුව කිරීම අනිවාර්යෙන්ම කළ යුතු ය.ඒ සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල යොදා ගත හැකිනම් එය ජනතාවගේ ජයග්‍රහණයකි.ඒ සඳහා වන නුවණැ`ස වත්මන් ආණ්ඩු විපක්ෂ දේශපාලන නායකයින්ට පහළ වෙනු ඇතැයි අපි බලපොරොත්තු වෙමු.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර