ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතියි.බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

කාලීන පුවත්