ප්‍රදේශ කිහිපයක ආරම්භ කර ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් තවදුරටත්

රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ආරම්භ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ආරක්ෂක අංශ විසින් මෙම ප්‍රදේශවල අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි.ඒ අනුව අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුගිය දින කිහිපය තුළ රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිද්ධින් වාර්තා වූ අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබුණි.මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල ආරක්ෂාව තර කරමින් විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත්තේය.

මේ සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්විය.

 

කාලීන පුවත්