පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි එන්න සැරසෙයි

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් දෙරට අතර හෙට (13) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයද ක්‍රීඩා නොකරනු ඇතැයි සඳහන්.කෙසේ නමුත් තරගාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ආදේශක කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කරනලදි.

කාලීන පුවත්