පාර්ලිමේන්තුවට නීති අංශයක්

පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබේ.

ඒ එම කාරක සභාව පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති උපදෙස් ලබාදීමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීමට මෙම තීරණය ගෙන තිබේ.

කාලීන පුවත්