පාර්ලිමේන්තුව අදත් (06) 9.30ට රැස්වීමට නියමිතයි.
පෙ.ව 9.30- පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව 10.30 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන අතර අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත ( දෙවැනිවර කියවීම), දුම්කොළ බදු පනත යටතේ නියමය සහ තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.