පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝධනය කෙරේ

2025 මැයි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කිරීමට ගනු ලැබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් පසුගියදා එම කාරක සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වන ලදි.

එම කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් පහත දැක්වෙන අයුරින් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි අයකිරීමට තීරණය කර තිබේ.

තවද පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති,අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් වැඩිදුරටත් තීරණය කර ඇත.

කාලීන පුවත්