මෑත කාලීනව පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ පාසල් දැරිවියන් ගැබ් ගැනීම ඉහළ යාම මෙන්ම පාසල් මව්වරුන් ප්‍රමාණයද ඉහළ යාමක් පෙන්නුම් පෙන්නුම් කරන බවයි.
මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමගද සාකච්ඡා කර නව යොවුන් දැරිවියන් සහ නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්ධව වඩාත් හොඳ පැහැදිළි අවබෝධයක් ලබා දීමට අවධානය යොමු වී ඇතැයිද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.