පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු තහනම්

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් කරයි.

වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පවසයි.

ඉහත සඳහන් කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කරනු ලබන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතුයි. නැවත ප්‍රවාහන කටයුතු ආරම්භ කළ හැකි වන්නේ ඉහත වේලාවල්වලින් අනතුරුවයි.

 

කාලීන පුවත්