පැය 36ක ජල කප්පාදුවක්

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී සිදුවු ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු දෙකේ සිට ලබන 30 වැනිදා අලුයම 2 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පේරාදෙණිය පාර , විලියම් ගොපල්ලව මාවත , උසාවී සංකිර්නය අසල සිට නගර සභා හන්දිය දක්වාත් , අස්ගිරිය , වැව රවුම , රජ පිහිල්ල මාවත , බූවැලිකඩ . තැන්නකුඹුර , ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශයට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

කාලීන පුවත්