පුංචි ආණ්ඩු 46ක කාන්තා නියෝජනය අසම්පූර්ණයි

පළාත් පාලන මැතිවරණය පවත්වන ලද පළාත් පාලන ආයතන 339 න් ආයතන 46 ක සියයට 25 ක කාන්තා නියෝජනය අසම්පූර්ණ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

පළාත් පාලන ආයතන සඳහා සියයට 25 ක කාන්තා නියෝජනය අනුව කාන්තා සභිකයින් 1,957 දෙනකු සිටිය යුතු වූවත්, සිටින්නේ 1,881 ක් පමණක් බවද ඔහු පවසයි. මෙම තත්වය මත කාන්තා නියෝජනය සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් නැතැයි ද ඔහු පවසනලදි. උදාහරණයක් ලෙස පානදුර නගර සභාවේ කාන්තා සභිකයින් සිව් දෙනකු (04) සිටිය යුතු වුවත්, සිටින්නේ එක් කාන්තා සභිකයෙකු පමණක් යැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

කාලීන පුවත්