ඊයේ දිනයේ දී (06) පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 700 දෙනෙකු අත්අඩංගුවට ගෙනඇත.අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ඒ කොට්ඨාශ හා ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදියි. මේ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 32,571 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර සැකකරුවන් 700දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 35 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 685 දෙනෙකු ද අත්අඩංගුවට ගෙනඇත. එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 460ක්.
බීමත් රියදුරන් 18 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4468 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.