පොහොර රැගත් නැවක් අද දිවයිනට

ටොන් 25,000ක පොහොර රැගත් නැවක් අද (05) දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.ඔහු කියා සිටියේ පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුවී ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම යල කන්නය ආරම්භක අවස්ථාවේ ගොවි ජනතාව අතර පොහොර පිළිබඳ ගැටලු රැසක් ඇති වී තිබේ.ඔහු කියා සිටියේ රට තුළ දැනටමත් මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත්ව පවතින බවයි.

කාලීන පුවත්