රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීම වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂව සිදුකිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදාගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ගොවි ජනතාවට මෙම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බවත්, එම මූල්‍යම ආධාරය සම්පූර්ණ වශයෙන් පොහොර අවශ්‍යතාව සඳහාම යොදා ගන්නා බවත් සහතික කරගැනීමේ අවශ්‍යතාව පවතින බව රජය විසින් පවසයි.
පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සියලුම ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනාගෙන, එම ගොවි ජනතාව සඳහා පොහොර සහනාධාරය ලබාදීම සඳහා QR ක්‍රමවේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමටත් ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.