පෞද්ගලික අංශයේ මූලික වැටුප රුපියල් 27,000ක් දක්වා පසුගිය අප්‍රේල් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවා තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනලදි.
ලබන වසරේ මුල සිට අවම මූලික වැටුප රු. 30,000 දක්වා ඉහළ යන බවත් වතු කම්කරු දිනක වැටුප රු. 1700 දක්වා වැඩිවන බවත් අමාත්‍යවරයා පවසනලදි.
සේවකයන්ගේ අය-වැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කරයි.