බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

2025.05.12 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත.ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇත.

•බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01 ක සමාවක් ප්‍රධානය කිරීම.

•දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

•සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

මෙම විශේෂ රාජ්‍ය සමාව සඳහා කාන්තා රැදවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා ඇත.

වැලිකඩ බන්ධනාගාරයෙන් 40ක් වාරියපොළ බන්ධනාගාරයෙන් 38ක් අනුරාධපුර බන්ධනාගාරයෙන් 36ක් මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද 2025.05.12 වන දින නිදහස් කිරීමට නියමිතව ඇත.

කාලීන පුවත්