බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ හිඟයට විසඳුමක් වශයෙන් අදාළ පුරප්පාඩු සඳහා 554 දෙනකු බඳවා ගැනීමට රජය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, බන්ධනාගාර නියාමකවරුන් (පිරිමි ) 409 දෙනකුද, බන්ධනාගාර නියාමකවරියන් 70 දෙනකුද, බන්ධනාගාර II පෙළ ජේලර්වරුන් 55 දෙනකුද, බන්ධනාගාර II පෙළ ජේලර් ( කාන්තා) 07 දෙනකුද, බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන (පිරිමි) නිලධාරීන් 10 දෙනකුද සහ බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන නිලධාරි (කාන්තා ) 03 දෙනකුද වශයෙන් බඳවා ගැනීමට නියමිතයි.
අදාළ පුරප්පාඩු 2025 අගෝස්තු 29 වැනි දින රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා අවධාරණය කරයි.