බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සියයට හතළිස්හතරක් (44%) පමණ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන පවසයි. එම ස්ථානවලින් සියයට පහළොවක් (15%) පමණ මදුරු කීටයන් හමුවී ඇත.
විශේෂයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය දක්නට ලැබෙයි . 2025 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැලඳීමෙන් පුද්ගලයන් 13 ක් මියගොස් ඇත. මේ වනවිට හමුවූ රෝගීන්ගේ සංඛ්‍යාව විසිපන්දහසකට අධිකයි.
කඩින් කඩ ඇතිවන වැස්ස, කානු පද්ධති පිරිසුදු නොකිරීම, කුණු ඉවත් නොකිරීම නිසා මදුරු කීටයන් බෝවන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන 30 වැනිදා සිට ජූලි මස 05 වැනිදා දක්වා දිවයින පුරා තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 110 ක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
තවද චිකුන්ගුන්‍යා රෝගීන් වාර්තා වීමද අඩුවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.