බස් පෙරළීම කතා-බස් වලින් විතරක් අඩු කරන්න පුළුවන් ද ? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

මෙහෙම ගියාම බස් නොපෙරලී තියේද ?බස් පෙරළීමට ගුරුත්ව කේන්ද්‍රය වෙනස්වීම බලපානවා!අනතුරු අඩු කරන්න නම් මේ ටික කරන්න ඕනෙ !ආදී කතා බහ අපිත් වරින් වර අහනවා.නමුත් මේවා කතාවට විතරක් සීමා වී තිබීම බරපතල ප්‍රශ්නයක්.
පසුගිය දින කීපයේදීම රථ වාහන අනතුරු රාශියක් අසන්නට දකින්නට ලැබුණා.ඉන් වැඩිපුරම ප්‍රමාණයක් සිදු වුණේ කඳුකරයේ.ඊයේ පෙරේදාත් බස් රථයක් නුවරඑළිය ටොප්පාස් වලදී පෙරළිලා තියෙනවා.වැඩිපුරම පෙරළුණේ බස්.අපේ රටේ තියෙන බස් බොහොමයක් නියමිත ප්‍රමිතිය සහිතව මගී ප්‍රවාහනයට හදපු බස් නෙවෙයි.මේවායින් බොහොමයක් ඉන්දියාවේ හදපු ලොරි රථ වලට ලොරි චැසි වලට බස් බොඩි ගැසීමක්.ඒ හින්දාම මේවායේ මඟීන්ට උවමනා ආරක්ෂාව හා සුව පහසුව ඇත්තේම නෑ.

වාහනයක් නොපෙරලී ගමන් කිරීමේදී එම වාහනයේ ගුරුත්ව කේන්ද්‍රය හැකිතාක් දුරට පොළොවට ආසන්නව තිබීම අවශ්‍ය වනවා.ඒ නිසා තමා කාර් රථ පෙරලෙන එක ඉතා අවම නියමිත ප්‍රමිතියේ මගී ප්‍රවාහන බස් රථවල ද ගුරුත්ව කේන්ද්‍රය පහළම මට්ටමේ තබා ගැනීමට කටයුතු කර තිබෙනවා. නමුත් අපේ රටේ තියෙන ප්‍රමිතියකට නැති,ලොරි “චැසි” වලට “බොඩි” ගහල හදා ගත්ත බස් වල ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳව සැලකීමක් නැහැ.මේවා හදල තියෙන්නේ පුළුවන් තරම් මගීන් පටවන්න.සත්තු ප්‍රවාහනය කරනකොට උන්ට ගමන් කරන්න ප්‍රමාණවත් ඉඩකඩ නොමැති නම් සත්ව හිංසාව යටතේ ප්‍රවාහනය කරන තැනැත්තාට එරෙහිව නඩු පවරන්න පුළුවන්.නමුත් වැඩිපුර මගීන් පටවන බස් රථවලට එහෙම නීතිමය පියවර ගැනීමක් සිදු කරන්නේ නැහැ.

වාහනයක් නොපෙරලී ගමන් කිරීමේදී එම වාහනයේ ගුරුත්ව කේන්ද්‍රය හැකිතාක් දුරට පොළොවට ආසන්නව තිබීම අවශ්‍ය වනවා.ඒ නිසා තමා කාර් රථ පෙරලෙන එක ඉතා අවම නියමිත ප්‍රමිතියේ මගී ප්‍රවාහන බස් රථවල ද ගුරුත්ව කේන්ද්‍රය පහළම මට්ටමේ තබා ගැනීමට කටයුතු කර තිබෙනවා. නමුත් අපේ රටේ තියෙන ප්‍රමිතියකට නැති,ලොරි “චැසි” වලට “බොඩි” ගහල හදා ගත්ත බස් වල ගුරුත්ව කේන්ද්‍රය පිළිබඳව සැලකීමක් නැහැ.මේවා හදල තියෙන්නේ පුළුවන් තරම් මගීන් පටවන්න.සත්තු ප්‍රවාහනය කරනකොට උන්ට ගමන් කරන්න ප්‍රමාණවත් ඉඩකඩ නොමැති නම් සත්ව හිංසාව යටතේ ප්‍රවාහනය කරන තැනැත්තාට එරෙහිව නඩු පවරන්න පුළුවන්.නමුත් වැඩිපුර මගීන් පටවන බස් රථවලට එහෙම නීතිමය පියවර ගැනීමක් සිදු කරන්නේ නැහැ.බොහෝ රටවල බස් රථ තුළ මගීන් ගමන් කරන්නේ සීට් ගණනට පමණයි.ඒවා තුළ හිටගෙන ගමන් කරන්න බැහැ.එවිට ගුරුත්ව කේන්ද්‍රය වෙනසක් වන්නේ නැහැ බස් රථයට ආරක්ෂිතව ගමන් කරන්න පුළුවන්.


නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් පටවන විට ගුරුත්ව කේන්ද්‍රය ඉතා ඉහළට යනවා එවිට බස් රථය පෙරළීමට විශාල අවදානමක් තියෙනවා. ගැරඬි ඇල්ල ප්‍රදේශයේ පෙරළුණ බස් රථයේ නියමිත මඟින් ගණන පනස් පහක් වුවත් හැත්තෑ නමයක් ගමන් කළ බවයි පැවසෙන්නේ. එසේ නම් බස් රථයේ හෝ රියදුරුගේ වැරැද්දක් නොතිබුණද බස් රථය කඳුකර බෑවුම් ප්‍රදේශයකදී ඇලවීමත් සමඟ මගීන් ඒ තුළ හැලහැප්පීම හේතුවෙන් පෙරලී යාමේ දැඩි අවදානමක් තිබෙනවා
ඒ වගේම රථ වාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරින් නිසි පරිදි රාජකාරී ඉටු නොකිරීම ලංකාවේ රියදුරන්ගේ විනීත බවක් ඇති නොවීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. දොර දෙකේ බස් රථවල ඉදිරි පා පුවරුවේ සිටින අයෙක් හස්ත මුද්‍රාවෙන් අකික් වාහන පාලනය කරන අතරේ රියැදුරා බස් රථය අධික වේගයෙන් අනෙක් වාහන වලට ඉස්සර කරමින් අවිනීතව ධාවනය කරන අන්දම අපි ඕන තරම් තියෙනවා.අනිත් වාහන පෝලිමේ ගමන් කරන විට ඒවා පසු කරමින් වේගයෙන් ඉදිරියට ඇදී පෝලිමේ ඉස්සරහට ගමන් කරන්න මේ අයට අවසර දුන්නේ කවුද ? මේවා දැක දැක පොලිසියෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. අනිත් මිනිස්සුත් ගමන් කරන්නේ අවශ්‍යතාවලට.ඒ අය අභිබවා මේ බස් රථවලට යන්න අවසර දුන්නේ කවුද ?

විදෙස් රටවල ත්‍රීවිල් රථ සහ මෝටර් සයිකල් දක්නට ලැබෙන්නේ නැහැ.ඒවගේම බස්වල නියමිත ප්‍රමාණයට වඩා මිනිස්සු පටවන්නේ නැහැ.ඒ නිසාම ඒ රටවල අනතුරු ඉතාම අඩුයි. අපේ රට නම් ඒ තත්ත්වයට යන එක හීනයක් විතරයි.

ඒ විතරක් නෙවෙයි පාරේ වම් පසින් ඉස්සර කරන වාහන කොච්චර තියෙනවද ?එක අඟලක් ඉඩ තිබ්බ ගමන් ත්‍රීවීල්කාරයෙක් රිංගනවා. නැත්නම් වාහනයේ වද්දගෙනම මෝටර් සයිකල් කාරයෙක් රිංගනවා. මහා මාර්ගයේ විනයක් සහිතව ඉදිරි වාහනය සමඟ නිශ්චිත පරතරයක් තබා ගනිමින් ගමන් කිරීම සිදුකරන විනීත රියදුරෙකුට කවදාවත් තමන්ගේ ගමන යන්න වෙන්නේ නැහැ මේ වගේ බස් රථ , ත්‍රීවිල් රථ සහ මෝටර් සයිකල් නිසා.
බොහෝ විදෙස් රටවල ත්‍රීවිල් රථ සහ මෝටර් සයිකල් දක්නට ලැබෙන්නේ නැහැ.ඒවගේම බස්වල නියමිත ප්‍රමාණයට වඩා මිනිස්සු පටවන්නේ නැහැ.ඒ නිසාම ඒ රටවල අනතුරු ඉතාම අඩුයි. අපේ රට නම් ඒ තත්ත්වයට යන එක හීනයක් විතරයි.

බොහෝ දෙනා සිතා සිටින්නේ සුදු ඉරක් දැක්ක වහාම එය මගියාට අයිති එකක් බව සලකමින් ක්ෂණිකව පාර මාරුවීමට හැකි බවයි.සුදු ඉර මගීන්ට අයත් එකක් නොවන බවත් සුදු ඉරෙන් පාර මාරුවීමේදී වම දකුණ සහ නැවත වම බලා වාහන ළඟක නොමැති නම් පමණක් පාර මාරු වීම කළ යුතු බවත් මගීන් දැනුවත් කළ යුතුයි. ක්ෂණිකව පාර හරහා මාරුවීමකදී යන්ත්‍රයක් වන වාහනය ක්ෂණිකව නවත්වා ගත නොහැකි බවත් රියදුරා පාර පනින්නා දුටු විට මොළය මගින් වම් කකුලට තිරිංග පෑගීමට සංඥාවක් එවන අතර තිරිංග පෑගීමෙන් අනතුරුව කෙමෙන් වේගය අඩු වී වාහනය නතරවීම සිදුවෙනවා .මේ සඳහා යම් කිසි කාලයක් ගතවන වාහනය යම් කිසි දුරක්ද ගමන් කරනවාමයි. එය කිසිසේත්ම නවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් එම නිසා සුදු ඉරේ ගමන් කරන්නන් වුවද අනතුරට ලක් වෙනවා.

ඒ විතරක් නෙවෙයි වාහන අනතුරුවලදී බොහෝ දෙනා ප්‍රකාශ කරන තවත් කරුණක් වන්නේ සුදු ඉරෙන් තමන් පාර හරහා මාරු වීමේදී වාහන රියදුරන් තමන්ව අනතුරකට ලක් කළ බව. බොහෝ දෙනා සිතා සිටින්නේ සුදු ඉරක් දැක්ක වහාම එය මගියාට අයිති එකක් බව සලකමින් ක්ෂණිකව පාර මාරුවීමට හැකි බවයි.සුදු ඉර මගීන්ට අයත් එකක් නොවන බවත් සුදු ඉරෙන් පාර මාරුවීමේදී වම දකුණ සහ නැවත වම බලා වාහන ළඟක නොමැති නම් පමණක් පාර මාරු වීම කළ යුතු බවත් මගීන් දැනුවත් කළ යුතුයි. ක්ෂණිකව පාර හරහා මාරුවීමකදී යන්ත්‍රයක් වන වාහනය ක්ෂණිකව නවත්වා ගත නොහැකි බවත් රියදුරා පාර පනින්නා දුටු විට මොළය මගින් වම් කකුලට තිරිංග පෑගීමට සංඥාවක් එවන අතර තිරිංග පෑගීමෙන් අනතුරුව කෙමෙන් වේගය අඩු වී වාහනය නතරවීම සිදුවෙනවා .මේ සඳහා යම් කිසි කාලයක් ගතවන වාහනය යම් කිසි දුරක්ද ගමන් කරනවාමයි. එය කිසිසේත්ම නවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් එම නිසා සුදු ඉරේ ගමන් කරන්නන් වුවද අනතුරට ලක් වෙනවා.
අඩුම ගණනේ අනතුරු අඩු කරන්න මේ යෝජනා ටික වත් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්;

1) බස් රථවල නියමිත ගණනට පමණක් මගින් ගමන් කරන බවට වග බලා ගැනීම,
2) මගී බස් රථ ආනයනයේදී ඒ සඳහාම නිෂ්පාදිත නියමිත ප්‍රමිතිය සහිත බස් රථ ආනයනය කිරීමට කටයුතු කිරීම.
3) රාත්‍රී කාලයේ දුර ගමන් බස් රථ සඳහා (විශේෂයෙන් කඳුකරයේ) රියදුරන් දෙදෙනෙකු යෙදවීම.
4) බස් රථයේ දොරටුවේ සිට අනෙක් වාහන නවතමින් සහ තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරමින් තම රථය අන්තරාදායි ආකාරයට ධාවනය කිරීම සඳහා නඩු පැවරීම.
5) වම් පසින් ඉස්සර කිරීම වැළැක්වීම සඳහා (විශේෂයෙන් ත්‍රිවිල්) දඩ අය කිරීම.
6) පාර හරහා මාරුවීමේදී සුදු ඉරෙන් පාර මාරු වෙන හැටි මගීන්ට සහ පාසල් සිසුන්ට පුරුදු කිරීම

කියන පියවර අනුගමනය කිරීමට අදාළ බලධාරීන් කටයුතු කරන්නේ නම් දැනට සිදුවන අනතුරු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුකර ගත හැකි වෙනවාට සැක නැහැ.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

එතෙර - මෙතෙර