බ්‍රසීලයේ හිටපු ජනාධිපති කෙනෙක් අවුරුදු 27 කට හිරේ යයි


මේ කාලය සමහර ජනාධිපතිවරුන්ට, හිටපු ජනාධිපතිවරුන්ට එච්චර හොඳ කාලයක් නෙවෙයි. මෑත කාලයේ ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනුනු චරිතයක් වූ තවත් ජනාධිපතිවරයකුටත් ඔන්න දැන් දීර්ඝ සිර දඬුවමක් නියම වෙලා. ඒ දකුණු ඇමරිකාවේ ප්‍රබල රාජ්‍යයක් වන බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිර් බොල්සොනාරෝට යි.

පසුගිය දිනවල ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් රක්ෂිත බන්ධනාගාරගත වූ අතර දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල් ද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු තවමත් සිටින්නේ බන්ධනාගාරයේ යි.

බොල්සොනාරෝට නම් නියම වී ඇත්තේ එසේ මෙසේ සිර දඬුවමක් නොවෙයි. එය වසර 27 කුත් මාස 3 ක ඉතා දීර්ඝ සිර දඬුවමක්. 70 හැවිරිදි ඔහු මේ සම්පූර්ණ සිර දඬුවම වින්දොත් ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය මුළුමනින්ම වාගේ හිරගෙදරටම කොටු වේවි.

2060 දක්වා බොල්සොනාරෝ රජයේ තනතුරු දැරීමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරනු ලැබ තිබෙනවා. ඒ නිසා ඔහුට ජනාධිපති ධුරය වැනි තනතුරු දැරීමටත් නොහැකි වනු ඇති.ඔහුට මෙම දඬුවම නියම කර ඇත්තේ බල ලෝභය මත දිගටම බලයේ රැඳී සිටීමේ අරමුණෙන් දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම පිලිබඳ චෝදනා මත යි. ඔහුට මෙම සිර දඬුවම ලබා දුන්නේ බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය වීමත් විශේෂත්වයක්.

ලුලා ද සිල්වා

2060 දක්වා බොල්සොනාරෝ රජයේ තනතුරු දැරීමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරනු ලැබ තිබෙනවා. ඒ නිසා ඔහුට ජනාධිපති ධුරය වැනි තනතුරු දැරීමටත් නොහැකි වනු ඇති.

ඔහුට මෙම දඬුවම නියම කර ඇත්තේ බල ලෝභය මත දිගටම බලයේ රැඳී සිටීමේ අරමුණෙන් දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම පිලිබඳ චෝදනා මත යි. ඔහුට මෙම සිර දඬුවම ලබා දුන්නේ බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය වීමත් විශේෂත්වයක්.

ජයිර් බොල්සොනාරෝ ජනාධිපති ධුරය දැරුවේ 2018-2023 අතර කාලයේ යි. 2022 වසරේ ඔක්තෝබර් මාසයේ නැවත ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැති අතර එයටත් ඔහු ඉදිරිපත් වුණා. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ බ්‍රසීලයේ ඉතා ජනප්‍රිය නායකයකු වූ ලුලා ද සිල්වා. ජනාධිපතිවරණයෙන් බොල්සොනාරෝ පරාජයට පත් වුණා.

එසේ වුවත් ඔහු හමුදාවේ ද උදව් ඇතිව, කුමන්ත්‍රණයක් හරහා දිගටම බලයේ රැඳී සිටින්නට උත්සාහ කළ බවට චෝදනා එල්ල වුණා. බොල්සොනාරෝ දේශපාලන‍යට පිවිසීමට පෙර හමුදාවේ සේවය කළ කෙනෙක්. ඒ නිසා තමාගේ කුමන්ත්‍රණයට හමුදාවේ සහය ලබා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු සිතන්නට ඇති.

මේ අතර ලුලා ද සිල්වා සහ ඔහුගේ උප ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ ජේරාල්ඩෝ ඇල්ක්මින් ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධවත් බොල්සොනාරෝ දැනුම්වත්ව සිටි බවටත් චෝදනා එල්ල වුණා.

පසුගිය බ්‍රහස්පතින්දා (11 ) ඔහුට වසර 27 කුත් මාස 3 ක සිර දඬුවම් නියම වුණේ ඉහත කී කුමන්ත්‍රණ චෝදනා යටතේ යි.

බොල්සොනාරෝ දියත් කිරීමට උත්සාහ කළ කුමන්ත්‍රණය සාර්ථක නොවුනේ හමුදාවෙන් ඊට ප්‍රමාණවත් සහයක් නොලැබුණු නිසා බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් ලුලා ද සිල්වා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු 2023 ජනවාරි 8 වැනි දා බොල්සොනාරෝ ගේ ආධාරකරුවන් බ්‍රසීලයේ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල, ජනාධිපති මන්දිරය ආදියට කඩා වදිමින් ලොකු කළබලයක් ඇති කළා.

නමුත් එය ඉක්මනින් පාලනය කිරීමට රජයට හැකි වූ අතර 1,500 කට ආසන්න පිරිසක් අත්ඩංගුවට ගනු ලැබුවා.

බොල්සොනාරෝ සහ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමීප දේශපාලන මිතුරන්. ඒ නිසා සිය මිතුරාට ලැබුණු දඬුවම ගැන ට්‍රම්ප් බෙහෙවින් නොසතුටට පත්ව සිටිනු දැකගන්නට ලැබුණා. දකුණු ඇමරිකානු කලාපය තුළ ඇමරිකාවේ වුවමනාවන් ඉටු කර ගැනීමේදී බොල්සොනාරෝ ට්‍රම්ප්ට සිටි හොඳ හිතවතෙක්.

බොල්සොනාරෝ

ඔවුන් දෙදෙනාගේම ප්‍රතිපත්ති බොහෝ දුරට සමාන යි. ට්‍රම්ප් සහ බොල්සොනාරෝ දෙදෙනාම උග්‍ර ජාතිකවාදී නායකයන්. ට්‍රම්ප් “පළමුව ඇමරිකාව” (America First) නම් වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යද්දී බොල්සොනාරෝත් බ්‍රසීලය තුළ එවැනිම ජාතිකවාදී වැඩපිලිවෙලක් කරගෙන ගියා. එය හැඳින්වුණේ “සියල්ලට ඉහළින් බ්‍රසීලය” (Brazil above Everything ) යනුවෙනු යි.

දක්ෂිණාංශිකයකු වූ බොල්සොනාරෝ පරාජය කර වාමාංශික නායකයකු වූ ලුලා ද සිල්වා බ්‍රසීලයේ බලයට පත් වීමත්, බොල්සොනාරෝට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් ට්‍රම්ප්ගේ හිතට ඇල්ලුවේ නැහැ. සිය මිතුරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම නතර කර ගැනීමට ට්‍රම්ප් දැඩි උත්සාහයක් ගත්තා.

බ්‍රසීලය යනු පසුගිය දිනවල ට්‍රම්ප් වැඩිම තීරු බද්දක් පැන වූ රටක්. බ්‍රසීලයෙන් ඇමරිකාවට ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් ට්‍රම්ප් සියයට 50 ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළා. ඔහු එබඳු ඉහළ තීරු බද්දක් පැනවූයේ බොල්සොනාරෝට එරෙහිව නීතිමය පියවර ගැනීම වෙනුවෙන් දුන් දඬුවමක් හැටියට බවයි පැවසුණේ. මෙවැනි ඉහළ තීරු බද්දක් පනවා බ්‍රසීලය ආර්ථික වශයෙන් දුර්වල කර ලුලා ද සිල්වා ගේ පාලනය අවුල් කිරීමට ට්‍රම්ප් අදහස් කරන බව පැහැදිලි යි.

ඩොනල්ඩ් ට්‍රම්ප්

බ්‍රසීලය යනු පසුගිය දිනවල ට්‍රම්ප් වැඩිම තීරු බද්දක් පැන වූ රටක්. බ්‍රසීලයෙන් ඇමරිකාවට ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් ට්‍රම්ප් සියයට 50 ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළා. ඔහු එබඳු ඉහළ තීරු බද්දක් පැනවූයේ බොල්සොනාරෝට එරෙහිව නීතිමය පියවර ගැනීම වෙනුවෙන් දුන් දඬුවමක් හැටියට බවයි පැවසුණේ.
මෙවැනි ඉහළ තීරු බද්දක් පනවා බ්‍රසීලය ආර්ථික වශයෙන් දුර්වල කර ලුලා ද සිල්වා ගේ පාලනය අවුල් කිරීමට ට්‍රම්ප් අදහස් කරන බව පැහැදිලි යි.

බොල්සොනාරෝට සිර දඬුවම් නියම කිරීමට අදාලව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද තර්ජනාත්මක ප්‍රකාශයක් කර තිබෙනු දැකගන්නට ලැබුණා. හිටපු ජනාධිපති ජයිර් බොල්සොනාරෝ සිරගත කිරීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය අසාධාරණ ආකාරයෙන් තීන්දු කර ඇති බවත්, මෙම දේශපාලන පලිගැනීමට එරෙහිව සුදුසු පියවර ගන්නා බවත් ඔහු සඳහන් කර තිබුණා. නමුත් මේ පියවර මොනවාද යන්න ඔහු ප්‍රකාශ කර තිබුණේ නැහැ. කෙසේ හෝ වේවා, බ්‍රසීලයත් මෙයට ක්ෂණික පිලිතුරක් දී තිබෙනු දැකගන්නට ලැබුණා. මෙවැනි ප්‍රකාශවලින් බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදය බියගැන්විය නොහැකි බවත්, රුබියෝ ඉහත ප්‍රකාශය කර ඇත්තේ ඉදිරිපත්ව ඇති කරුණු සහ සාක්ෂි ගැන තැකීමක් නොකර බවත් බ්‍රසීල විදේශ අමාත්‍යංශය පවසා තිබෙනවා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර