බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙයි

මේ මාසය අගදී බෙංගාල බොක්ක ආශ්‍රිිත ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ ඉඩකඩ වැඩි බවත්, එය මෙරටට ඝෘජුව බලපායිද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පවසනලදි.

මේමස 25 වැනිදායින් පසුව මෙම කැළඹිලි ස්වභාවය වර්ධනය වීමේ ඉඩකඩ පවතින බවද ඔහු පවසයි.බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවය බොහෝදුරට ඉන්දියාව දෙසට ගමන් කිරීමේ හැකියාව වැඩි බවද ඔහු සදහන්කරයි.

කාලීන පුවත්