ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (26) ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවයි.
ඒ අනුව අද (26) පෙරවරු 6.00 වන විට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් (Brent) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103ක් ලෙස සටහන් විය. එමෙන්ම, ඇමරිකානු WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 ශත 16ක් ලෙස දැක්විණි.